ගෙදරදීම ටැටූ ගහගන්න පුලුවන් අලුත්ම ගැජට් එකක් මෙන්න
Wednesday, 23 August 2017 - 12:11 | Views - 36,962
ටැටු කියන්නෙත් දැන් පුරුෂ පාර්ශවයේ වගේම කාන්තා පාර්ශවයෙත් අවධානය දිනා ගත්ත කලාවක්.
ටැටු ආරම්භ වෙලා තියෙන්නේ 1876 වර්ෂයේදි අප්‍රිකානු ගෝත්‍රිකයන්ගෙන්.



ටැටූ නිර්මාණයක් තම සිරුරේ සිත්තම් කරගන්න තරමක වියදමක් දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. එන්නත් කටු වැනි සියුම් කටුවලින් සම සිදුරු කර ඒ තුළට වර්ණක ඇතුළු  කරන නිසා වේදනාවක් ගෙන දෙන කාර්යයක් විදියටද ටැටූ හඳුන්වන්න පුළුවන්.



ඒ වගේම ටැටු එක ඉවත් කරන්නත් ඊට වඩා වියදමක් සහ වේදනාවක් විඳින්න වෙනවා. ඒ නිසා මේකට අළුත් විසඳුමක් දකුණු කොරියාව හොයාගෙන තියෙනවා.

මේ අළුත්ම උපකරණයේ නම Prinker.
නිෂ්පාදනය කරලා තියෙන්නෙ මාස කිහිපයකට පෙර දකුණු කොරියාවේ Sketch on ආයතනය විසින්.
දැන් ටැටු එකක් ගහන්න කරදර වෙන්න ඕන නැහැ. හේතුව මේ prinker එකෙන් තමන්ට ඕන වේලාවට , තමන්ට කැමති ටැටු එකක් ගහ ගන්න පුළුවන් වේදනාවක් නැතුවම. විනාඩියක් වගේ අඩු කාලයකින් ඕනම ටැටු එකක් ගහන්න පුළුවන්?

මේ උපකරණය එහා මෙහා ගෙනියන්නත් පහසුයි වගේම ඕනම සමකට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ පොඩි ළමෙකුගේ සමකට උනත් ගැළපෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ . මොකද මේකට යොදාගෙන තියෙන්නේ විෂ රහිත සායම් වර්ග.

මේකට sketch on ආයතනය App එකක් හඳුන්වලා දිලා තියෙනවා.
Android ,සහ IOS වලින් මේ APP එක අරගෙන , තමන්ට කැමති ටැටු එකක් ඇදගන්න විතරයි තියෙන්නේ.

තමන්ගේ නම, නැත්තම් පින්තූර, ඔය ඕන එකක් ඇදගන්න පුළුවන්. තමන්ගේ ඇගේ ටැටු එක ගහන්න ඕන තැන මේ ගැජට් එක එක පාරක්, ඇදගෙන යන්න විතරයි තියෙන්නේ.





දවස් තුනක් වගේ නොමැකි තියාගන්න පුළුවන්.
සබන් ටිකක් ගාලා හොඳලා ඕන වේලාවට අයින් කරලා දාන්නත් පුළුවන්.

මේ ගැජට් එක ගැහැණු ළමයින්ට නම් ගොඩක් වටිනවා.
මොකද වැඩි වේලාවක් යන්නෙන් නැහැ.ඒ වගේම වේදනාවකුත් නැහැ.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top