ගොරෝසු හිසකෙස් සිනිදු කරගන්න විශ්මිත ප්‍රතිකාර
Tuesday, 22 August 2017 - 12:15 | Views - 15,390
පිරිසිදු පොල්තෙල් තේ හැඳි කිහිපයක් යම්තමින් රත් කරන්න. දැන් එම රත් කල තෙල් මගින් හිස කෙස් මුල සහ හිස් කබල හොදින් සම්බාහනය කරන්න. පසුව උණුසුම් තුවායක් මගින් හිස ආවරණය කර ටික වේලාවක් තිබෙන්නට හරින්න. පසුව මෘදු ශැම්පූ වර්ගයක් යොදා සෝදා හරින්න.

ඇපල් යුෂ විනාකිරි (Apple Cider Vinegar)

මෙමගින් හිසකෙස් වල සිනිදු බව ඇති කරනවා වගේම කෙස් පෝෂනය කර තෙතමනය ආරක්ෂා කරනවා.
ඇපල් යුෂ විනාකිරි කෝප්ප එකක් ගෙන එය වතුර කෝප්ප 3ක් මගින් තනුක කරන්න. පසුව එමගින් හිසකෙස් හොඳින් සෝදන්න. විනඩි 10කට පමණ පසු නැවත සිසිල් දියෙන් සෝදා හරින්න.

සිසිල් ජලය

විශේෂඥවරුන්ගේ අවවාදය නම් ඔබ ඔබේ හිසකෙස් උණුසුම් ජලයෙන් නොසේදිය යුතුයි යන්නයි. එයට හේතුව උණු ජලය මගින් හිසකෙස් වල හා හිස් කබලේ ඇති ස්වභාවික තෙල් ඉවත් කර කෙස් වල වියලි සහ ගොරෝසු බව අැති කිරීමයි. මේ නිසා නිතරම හිසකෙස් සිසිල් ජලයෙන් සේදිය යුතුයි. එමගින් හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරදෙනවා වගේම හිසකෙස් කූපයන්ද ශක්තිමත් කරනවා.

කෝමාරිකා ජෙල්

කෝමාරිකා වල අැති ස්වභාවික සංඝටකයන් මගින් හිස්කෙස්වල මෘදු, කීකරු සහ තෙත් බව ඇති කරනවා.
කෝමාරිකා යුෂ ස්වල්පයක් ගෙන හිස්කබලෙහි ගල්වා හොදින් සම්බාහනය කරන්න. මද වේලවකට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිනකට දෙතුන් වතාවක් මෙය සිදු කල හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකියි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top