ලස්සන වෙන්න මුලුතැන්ගෙයි පිහිට
Wednesday, 05 June 2019 - 16:20 | Views - 1,273
ස්වභාව ධර්ම‍ය අපට ආශිර්වාදයක් වුනත් අපේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාව ධර්මයට ඇති වෙන අනිටු විපාකවලට අපිටම වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා.ඕසෝන තිරයේ බලපෑම නිසා පාර ජම්බුල කිරණ සෘජු ලෙසින්ම  සමට ඇති කරන අනතුර අධිකයි. මේ නිසා සමේ පිලිකා පමණක් නොව හම පිලිස්සීම, ලප , වැනි විවිධ හානිකර තත්වයන් ඇති වෙනවා. ඒත් මේවාට යම් යම් වෙදකම් මුලුතැන්ගෙදරම තිබෙනවා. ඔන්න එහෙමනම් අපි බලමුකෝ මොනවාද මේ කියලා.
ලෙමන්…

    ලෙමන් විටමින් “සී” බහුල පළතුරක්. හිරු එලිය නිසා සමේ ඇති වී තිබෙන පිලිස්සීම්වලට පමණක් නොවෙයි, සමේ මැරුන සෛල ඉවත් කරල සම පැහැපත් කරනවා. ඒ වෙනුවෙන් ඉතා පහසුවෙන් ඔබට මේ දේවල් කරන්න පුලුවන්.ලෙමන් යුෂවලට වතුර තේ හැදි බාගයක් එක් කර ගෙන එය කපු රෙදි කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10 ක් 15 ක් අතර කාලයක් මේ මිශ්‍රණය මුහුණේ තබා ගෙන එයින් පසුව සෝදා හරින්න.

    ලෙමන් යුෂ තේ හැන්දකට මීපැණි ත් හැදි දෙකක් එකතු කරන්න. මුහුණ සෝදා පිරිසිදු කර ගෙන මේ මිශ්‍රණය ආලේප කරන්නත් පුලුවනි. මීපැණි සමේ තෙතමනයට ආරක්ෂාවට ඉතා වැදගත්.

    පිපිඤ්ඤා යුෂ තේ හැදි දෙකකට මී පැණි හැන්දක් එකතු කරල හොදින් මිශ්‍ර කරගෙන මුහුණේ ආලේප කරන්න පුලුවනි.

    පිපිඤ්ඤා කැබලි ලෙමන් යුෂ එක් කරගෙන බ්ලෙන්ඩරයකින් අඹරා ගෙන මුහුණේ ආලේප කරන්න. පිපිඤ්ඤා හමේ තෙතමනය වගේම හම පිරිසිදු කරන ශක්තිය ඇති එළවළුවක්.

ටිකක් පරිස්සම් වෙන්න..

    ලෙමින් ආලේප කරන විට හමේ දැවිලි ගතියක් ඇති වෙන්න පුලුවන්. තුවාල මුඛ නිසාත් මේ විදිහට අපහසුතාවයන් ඇති වේවි. ලෙමන් යුෂ හැන්දෑ කාලයේදී හෝ  හෝ රාත්‍රියේදී ආලේප කරන්න.

පැපොල්…

    පැපොල්වල අන්තර්ගත “පැ‍පේන්” එන්සයිමය ස්වභාවික ප්‍රතිකාරයක් විදිහට සමට ගුණදායකයි. සමේ පැහැපත්බව වගේම දීප්තියටත් මේ එන්සයිමයෙන් වඩාත් ප්‍රතිකාරයක් ලැබෙනවා. අඹරා ගත් පැපොල් සමේ ගල්වා ගෙන විනාඩි 20 කින් සෝදා හරින්න.

    පැපොල් පල්පය සමග ලෙමන් යුෂ තේ හැදි බාගයක් එක් කරගෙන සමේ ආලේප කරන්න.විනාඩි 20 කින් සෝදා හරින්න. මෙය දිනපතා වුනත් කිරීමෙන් ගුණ ලැබේ.සමේ තෙල් ගතිය උරා ගෙන සමට පැහැපත්බවක් වගේම ලප කැලැල් නැති කිරීමටත් හේතු වෙනවා.

    පැපොල් පල්පයට මීපැණි තේ හැන්දක් එක් කරන්න. මීපැණි හමේ වියලි බව නැති කරනවා.විනාඩි 20 කින් සෝදා හරින්න. දිනපතා මේ ප්‍රතිකාරය කිරීමෙන් ඔබට ලස්සන සමක අයිතිය නොදැනීම ලැබේවි.

කහ…

    අද බොහෝ ආලේපන වලට කහ එකතු කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබටත් කහ ස්වභාවික ප්‍රතිකාරයක් විදිහට මේ අන්දමින් යොදා ගත හැකියි. කහ විටමින් “සී” බහුලයි. කුල ලප, කැලැල්, පැලල්ම් ඉවත් කරනවා.කොලැජන් වර්ධනය කරනවා. කහ කුඩු තේහැන්දකට ලෙමන් යුෂ සහමී පැණි එකතු කර මෘදු මිශ්‍රණයක් තනා ගන්න.මෙම මිශ්‍රණය ගෙල, මුහුණ ආදී ප්‍රදේශයන්හි ආලේප කර විනාඩි 30 කින් සෝදා හරින්න. මෙය දිනපතා කිරීමෙන් සමේ තෙල් ගතිය නැති වෙනවා.හමේ තෙතමනය ආරක්ෂා කරනවා පමණක් නොව දිදුලන සහ පැහැපත් සමක් ඇති වේවි.

    කහ කුඩු තේ හැදි බාගයක් සමග කෝමාරිකා ජෙලි ගතිය එකතු කර ගෙන ආලේප කරන්න.සමේ වියලි බව නැති කිරීමට කෝමාරිකා ඉතා ගුණදායකයි.

Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 680 Views
Top