ඇපල් සමාගම මීළඟට ඉදිරිපත් කරන මෙහෙයුම් පද්ධතිය එළැඹෙන ජූලි මස එලිදකී -[video]
Tuesday, 04 June 2019 - 19:41 | Views - 2,233

ලෝක ප්‍රකට ඇපල් සමාගම ඊයේ ඔවුන්ගේ දුරකථන වලට හඳුන්වාදෙන නවතම මෙහෙයුම් පද්ධතිය නිවේදනය කළා. 

එය IOS13 ලෙස හඳුන්වා තිබෙනවා. මෙම නවතම මෙහෙයුම් පද්ධතිය මීට පෙර තිබූ IOS 12 ට වඩා ඉතාමත් වේගයෙන් දුරකථන සමග ක්‍රියාකරන බවයි එම සමාගම පවසන්නේ. මේ අතර යෙදවුම් සක්‍රිය කිරීමේ වේගයද පෙර තිබූ වේගයට වඩා වැඩි බවට ඔවුන් පවසනවා.

 IOS 13 මගින් මෙතෙක් කල් ඇපල් පාරිභෝගිකයින්ට ගැටළුවක්ව පැවතුනු DARK MODE පහසුකම මෙමගින් ලබාදීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා. 

iMessage සේවාව මගින් වඩාත් අලංකාරව පණිවිඩ හුවමාරු කරගැනීමටද මෙම නවතම මෙහෙයුම් පද්ධතිය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නවතම මෙහෙයුම් පද්ධතිය එළඹෙන ජුලි මාසයේ සිට පාරිභෝගිකයින්ට අත්විඳීමට හැකියාව ලැබෙනු ඇති.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top