ලස්සන ඇහි බැමි දෙකක් ඔබටත්
Tuesday, 04 June 2019 - 11:14 | Views - 1,453

ඇහි බැම කියන්නේ මුහුණේ සුන්දරත්වය ඉස්මතු කරන එක් අංගයක්. ඇහි බැම ක්‍රමානුකූලව වැඩීමට නම්, ඊට අවශ්‍ය නිසි පෝෂණය ලැබිය යුතුයි. පෝෂ්‍යදායී ආහාර ගනිමින් සිරුරට නිසි අභ්‍යන්තර පෝෂණයක් ලබාදෙන අතරේ මෙම සත්කාරවලත් ඔබට නිරත විය හැකිය.
ඇහි බැම මත එඬරු තෙල් ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසුව පැයක් පමණ තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට දින තුනක් හතරක් කිරීම සුදුසුයි.
සෑම රාත්‍රියකදීම පිරිසුදු පොල්තෙල් ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු මඟින් ඇහි බැම මත ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.
ඉන්පසුව මද රස්නය උණු වතුර බඳුනකට පිරිසුදු තුවායක් දමා පසුව එහි වතුර මිරිකා එමඟින් ඇහි බැම මත ඇති පොල්තෙල් පිසදා ඉවත් කරන්න.
කෝමාරිකා ජෙල් ස්වල්පයක් ගෙන එයට පොල්තෙල් ස්වල්පයක් මිශ්‍ර කරන්න. එය ඔබේ ඇහි බැම මත ආලේප කර සම්බාහනය කරන්න. පැයකින් පමණ පසු සෝදා ඉවත් කරන්න.
පොල්තෙල්, ස්වල්පයක් ගෙන එයට විටමින් ඊ කරලක්ද එකතු කර මිශ්‍ර කරන්න. පසුව එය ඇහි බැමෙහි ගල්වා සම්බාහනය කරන්න. එය මඳ රස්නය සහිත උණු වතුරෙහි පෙඟ වූ තුවායකින් පිස දමන්න.
එඬරු තෙල්, පිපිඤ්ඤා යුෂ ගෙන විටමින් ඊ මිශ්‍ර කරලා ඇහි බැම මත ගැල්විය හැකිය.
කෝමාරිකා ජෙල් සහ ආමන්ඩ් ඔයිල් මිශ්‍ර කරන්න. එය ඇහි බැම මත ආලේප කර විනාඩි කිහිපයක් සම්බාහනය කරන්න.
එඬරුතෙල්, පොල්තෙල් සහ ආමන්ඩ් තෙල් මිශ්‍ර කර ඇහි බැම මත ආලේප කරන්න. ඉන් පසුව මස්කාරා ආලේප කරන බ්‍රෂ් එකක් පිරිසුදු කරගෙන ඇහි බැම වැවී ඇති දිශාවට පීරන්න.
තේ කහට උකුවට ගෙන පුළුන් කැබැල්ලක පොඟවා එමඟින් ඇහි බැම සම්බාහනය කරන්න.
ගී්‍රන්ටී, පොල්තෙල් තැඹිලි වතුර ආගන් ඔයිල් මිශ්‍රකර ඇහි බැම මත ආලේප කරන්න.
ගී්‍රන් ටී පැකට්ටුවක් ගෙන උණු වතුරට දමන්න. ඉන් පසුව එය ශීතකරණයට දමා එමඟින් ඇහි බැම සම්බාහනය කරන්න.
අයිස් කැට යොදා ගෙනද ඇහි බැම සම්බාහනය කළ හැකියි.
ගොටුකොළ යුෂ, ඔලිව්, තෙල් සහ පොල්තෙල් මිශ්‍ර කරන්න. එය ඇහි බැම මත ආලේප කර සම්බාහනය කරන්න. විනාඩි දහයකින් පමණ පසු සෝදා ඉවත් කරන්න.
මෙම සත්කාර ඉතා පහසුවෙන් කරගත හැකි නිසා අඩුම තරමේ සතියට දින තුනක්වත් මෙවැනි සත්කාරයක ඔබට නිරත විය හැකියි. එවිට ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඇහි බැම ක්‍රමානුකූලව සකසාගත හැකියි.
ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article