ගැස්ට්‍රයිටීස් සම්පූර්ණයෙන් සුවකල හැකි ස්වභාවික ප්‍රතිකර්ම
Thursday, 17 August 2017 - 17:27 | Views - 26,154
වර්තමානයේ සමාජය තුල පවතින දැඩි කාර්ය බහුලත්වයත් සමඟ වේලාවට ආහාර නොගැනීම, ආම්ලික හා අධික තුනපහ සහිත ආහාර අනුභවය, ක්ෂණික ආහාර ගැනීම, ආතතිය වැනි හේතූන් නිසා ගැස්ට්‍රයිටීස් නම් භයානක රෝගය වැළඳීම දැන් සුලබ තත්වයට පත්ව ඇත.

මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ ඔක්කාරය, වමනය, ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තද ආමාශය(බඩ ) අධික ලෙස පිරී ඇති බව දැනීම, අමාශය ඇතුලතින් දැනෙන දැවිල්ල, වැසිකිලි නොයෑම, පහත බඩ රිදීම, මලපහ අඳුරු පැහැ වීම වැනි දේය.

මෙම ලිපියෙන් කියවෙන්නේ ගැස්ට්‍රයිටීස් රෝගයට ස්වභාවික ලෙස පහසුවෙන් නිවසේදීම කල හැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.

01. යෝගට් භාවිතයෙන්

දිනකට යෝගට් දෙකක් හෝ තුනක් ආහාරයට ගන්න. නැතිනම් යෝගට්, කෙසෙල් හා මී පැණි දමා ස්මූදි එකක් සාදාගෙන බොන්න

02. හීන් මඳුරුතලා භාවිතයෙන්

දිනකට හීන් මඳුරුතලා කොළ 4,5ක් පමණ අමුවෙන් කන්න. නැතිනම් හීන්මඳුරුතලා කොටා යුෂ තේ හැදි 1ක් ඉඟ=රු යුෂ තේ හැදි එකක් සමඟ මිශ්‍ර කොට එකවර බොන්න.

03. ඉගුරු භාවිතයෙන්

ඉගුරු (මුල ) තේ හැන්දක් පමණ නටන උනු වතුර කෝප්ප 1ට දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. දැන් එය පෙරාගෙන එයට මී පැණි ස්වල්පයක් එකතු කරගන්න. දිනකට දෙවරක් බැඟින් සතියක් පමණ පානය කරන්න

04. මාදුරු භාවිතයෙන්

නටන උණු වතුර එකකට මාදුරු තේ හැන්දක් දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. ඉන් පසු එය පෙරා මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න. ඉක්මන් ප්‍රථිඵල සඳහා දිනකට තුන් වරක් බැගින් සතියක් බොන්න.

05. අල භාවිතයෙන්

අල ගෙඩියක් පොතු ගසා ගෙන ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත් අල යුශ ටික එකතු කරගන්න. අල යුෂ වීදුරු භාගයකට උණු වතුර ටිකක් එකතු කරගන්න. සෑම කෑම වේලකටම විනාඩි 30කට පෙර මෙය සතියක් පුරා පානය කරන්න.

06. වැල් මී භාවිතයෙන්

වැල් මී කුඩු තේ හැඳි 1ක් නටන උණු වතුර කෙප්පයකට දමා විනාඩි 10ක් තිඛෙන්නට හැර පෙරා දිනකට දෙවරක් හෝ තෙවරක් බොන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top