කරවිල කියන්නේ කවුරුත් එතරම් ප්‍රියකරන ආහාරයක්නම් නෙමෙයි. කරවිල සතු තිත්ත රස නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. නමුත් පෝෂණ ගුණයෙන් සලකා බැලුවම මේ ආහාරයට සම කරන්නට වෙනත් ආහාර නැති තරම්.
කරවිල මගින් අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත්නම් අපට පහසුවෙන්ම අහිතකර බැක්ටේරියා හා ඒ ආශ්‍රිත රෝගී තත්වයන්ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා. ඉතින් කරවිල ආහාරයට ගැනීමෙන් අපට සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ ආදී රෝගවලින් පහසුවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.
පහතින් සඳහන් කර තිබෙන්නේ කරවිල ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන තවත් වාසි කිහිපයක්.
- දියවැඩියාවට හා තරබාරුවට පිළියමක්
- වකුගඩුවල ගල් ඉවත් කිරීමට
- පිළිකා සෛල මැඩපැවැත්වීමට
- ලේ පිරිසිදු කිරීම
- සම පැහැපත් වීම
හැකිනම් සෑම උදෑසනකම ආහාර සමඟම කරවිල යුෂ වීදුරුවක් පානය කරන්න, නැතිනම් රසට කරවිල මැල්ලුමක් හදාගෙන ආහාරයට ගන්න. ඔබට පහසුවෙන්ම ඔබේ ශරීරය රෝගී තත්වයන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -