ඔබේ හිසකෙස් ඔබව පුදුමයට පත්කරන මේ විශ්මිත සත්කාර ක්‍රම දැනගන්න
Thursday, 10 August 2017 - 17:21 | Views - 15,969

තමන්ගේ හිසකෙස් ලස්සනට තියාගන්න අපි කවුරුත් කැමතිනේ. විශේෂයෙන් ගෑණු ළමයි තමයි ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ. ඒත් අපගේ කාර්යබහුලත්වය එක්ක අපේ රාත්‍රියේ නෑමට සිදුවෙනවා, හිසකෙස්වලට සාත්තු කිරිමට නොහැකි වෙනවා. මෙවැනි හේතු නිසා තමන්ගේ හිසකෙස් ආරක්ෂා කරගැනීමට අපහසුයි.
මේ ලිපියෙන් කියවෙන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව තමන්ගේ හිසකෙස් ආරක්ෂා කරගැනීමට තම නිවසේදීම පහසුවෙන් කලහැකි සත්කාර කිහිපයක් පිළිබඳවයි.
පළුදු වු හිසකෙස්වලට - අලිගැට පේර සහ බිත්තර
ඔබේ හිසකෙස් වියළිලා හා පළුදු වෙලානම් මේ ප්‍රතිකාරය ඔබට ගැලපේවී. අවශ්‍ය වන්නේ හොඳින් ඉදුණු අලිගැට පේර ගෙඩියකුයි, බිත්තරයකුයි පමණයි. මේ දෙවර්ගය ගෙන හොඳින් මිශ්‍රකර ඔබේ හිසකෙස්වල හා හිස් කබලෙහි ආලේප කරන්න. ඊට පසු විනාඩි 20කින් පමණ සෝදා හරින්න. සාමාන්‍ය හිසකෙස්වලට මාසයකට වරක් පමණ මෙම සත්කාරය ප්‍රමාණවත් නමුත් හුඟක් පළුදු වී ඇති හිසකෙස්වලටනම් මෙම සත්කාරය සතියකට වරක්වත් සිදුකල යුතුය.
වියළි හා නිතර ගැට ගැහෙන හිසකෙස්වලට - ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරිවලින් කෙරෙන ප්‍රතිකර්ම බොහොමයි. ඇඟේ බර අඩු කරගන්නත් දැන්වන විට ඇපල් සයිඩර් භාවිතා කරනවා. ඔබේ හිසකෙස් නිතරම ගැට ගැසෙන හා වියළිනම්, ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 1ට ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්, බිත්තර සුදු මද 3ක් මිශ්‍රකර හිසේ ආලේප කර පැය බාගයක් පමණ හිස පොලිතින් කවරයකින් ආවරණය කර තබා ෂැම්පු යොදා සෝදා හරින්න. මෙම සත්කාරය ඔබේ හිසකෙස්වලට සති දෙකකර වතාවක් කිරිම ප්‍රමාණවත්.
හිස් හොරි ඇති හිසකෙස්වලට - දෙහි සමඟ ඔලිව් තෙල්
දෙහි යුෂ මේස හැඳි 2ක්, ඔලිව් තෙල් මේස හැඳි 2ක් හා වතුර මේස හැඳි 2ක් හොඳින් මිශ්‍ර කර තෙත හිස්කබලෙහි ආලේප කර මිනිත්තු 20ක් පමණ තබා ෂැම්පු යොදා සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට වරක් පමණ කිරිම ප්‍රමාණවත් වේ.
තෙල් සහිත හිසකෙස්වලට - ඉදුණු කෙසෙල්
තෙල් සහිත බව හිසකෙස්වල වැඩිවු විට කඩා හැලෙන කෙස් කළඹකට හිමිකම් කීමට අපහසුයි. හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් මී පැණි මේස හැඳි 1ක් හා පොල්තෙල් හෝ ඔලිව් තෙල් මේස හැඳි 1ක් සමඟ මිශ්‍රකර හිසේ ආලේප කර පැය බාගයක් පමණ තබා මද රස්නය සහිත වතුරෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සති දෙකකට වරක් පමණ කිරීම ප්‍රමාණවත්වේ.
ඉක්මණින් හිසකෙස් සුදු වීම වැළැක්වීමට - උළුහාල් හා පොල්කිරි
නිතරම රාත්‍රියේ නෑමට පුරුදු වුන කෙනෙක්නම් ඔබේ හිසකෙස් ඉක්මණින් සුදුවීමේ අවධානමක් ඇතිවෙනවා. ඔබත් එහෙම කෙනෙක් නම් මේ සත්කාරය සති දෙකකට වතාවක් කිරිමට උත්සහ කරන්න. එක් රැයක් වතුරේ දමා පොඟවාගත් උළු හාල් හොඳින් අඹරාගෙන එම ආලේපනය මේස හැන්දක් පමණ ගෙන එයට උකු පොල් කිරි මේස හැඳි 2ක් එක්කර හිස ගල්වන්න. මිනිත්තු 30ක් පමණ සිට ෂැම්පු යොදා සොදා හරින්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article