වම්බටු කියන්නේ අපි නිතරම පාහේ ආහාරයට ගන්න එළවළුවක්. ඒත් එ්වායේ තියෙන ගුණ අගුණ අපි කවුරුත් හොයලා බලන්නේ නෑනේ.
වම්බටු කියන්නේ ගොඩක් පෝෂ්‍ය ගුණවලින් සමන්විත එළවළුවක්, මේවායින් ලෙඩ රෝගවලින් වැළකී සෞඛ්‍ය සම්පන්න වීමට ඔබට ඉඩ ලැබෙනවා. වම්බටු තුළ විටමින්, ඛනිජ, තන්තු, නැසුනින් හා ක්ලොරෝජෙනික් අම්ල අඩංගුයි.
වම්බටු ආහාරයට ගැනීමෙන්,
- දියවැඩියාව පාලනය කරයි,
- අධික තරබාරු බව අඩු කරයි,
- අකල් මරණ සම්භාවිතාව අඩු කරයි,
- ශරීර සෞඛ්‍ය වර්ධනය කරයි
වම්බටු ආහාරයට ගත යුතු විශේෂ හේතු,
- මෙහි විටමින් K හා බයෝ ෆ්ලේවනොයිඩ් අඩංගු බැවින් ලේ කැටි ඇතිවීම වලකයි.
- මෙහි ඇති තන්තු නිසා ආහාර ජීර්ණය පහසු කර ආහාර ජීර්ණ පද්ධතිය සුරක්ෂිත කරයි.
- වම්බටු තෙලෙන් නොබැද පිසීම කළහොත් කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමේ හැකියාවක් වම්බටු සතුය.
- වම්බටු ආහාරයට ගැනීම තුළින් රුධිර සංසරණ පද්ධතිය කාර්යක්ෂම කරන බැවින් ධාරණ ශක්තිය වැඩි කිරීමට උදව් කරයි.
- ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙනවා නම් දියවැඩියාව පාලනයට වම්බටු නියම එළවළුවක්.
- මේවා තුළ මේදය අඩංගු නොවන නිසා තරබාරුකම අඩු කර ගැනීමටද මෙය හොඳ එළවළුවක්
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -