දිදුලන කෙස් කලඹකට ගෙදරදීම හෙයාර් මාස්ක්
Monday, 27 May 2019 - 15:52 | Views - 2,373
ස්වාභාවිකව සකසා ගන්නා පැක් මඟින් ඔබේ සමට කදිම පෝෂණයක් ගෙන දෙන බව නම් නොරහසක්. සමට පමණක් නොව දුර්වර්ණ වූ හිසකෙස්වල ගැටලු මඟහරවා ගනිමින් නිරෝගී දිදුලන කෙස් කලඹක් ලබාගන්නට ස්වාභාවික සැකසූ හොයා මාස්ක් සත්කාරය ඔබට නිවෙසේදීම අත්හදා බලන්න පුළුවන්.

කෙස් ගසට මනා පෝෂණයක් දීප්තිමත් හා ශක්තිමත් බවක් ගෙන දෙන්නටත් හෙයා මාස්ක් සත්කාරය වඩාත් සුදුසුයි. සිහින් දුර්වර්ණ වූ කෙස් ගසට දිදුලන ඝනවන් ස්වභාවයක් ගෙන දෙන්නටත් මේ සත්කාරය සමත් වෙනවා.

විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතය, තෙල් සාත්තු නොකිරීම, නිතර අව් රශ්මියට නිරාවරණය වීම, මුහුදු ජලයේ හෝ නාන තටාකයේ ජලය ස්නානය කිරීම, නිසි රුධිර ගමනාගමනය නොමැති වීම හා මානසික සුවයෙන් නොසිටීමත් දුර්වර්ණ හිසකෙස් ඇතිවීමට බලපෑම් කරනවා. කෙස් ගස් තුනි වී දුර්වර්ණ වීමට ජානමය බලපෑම හේතු වන අවස්ථාත් තිබෙනවා.

මේ විධියට දුර්වල වන හිසකෙස්වලට හෙයා මාස්ක් සත්කාරය නම් කදිම පිළියමක්.

ඕනෑම කෙස් කලඹකට

සුදු විනාකිරි මේස හැඳි 6ක්

යීස්ට් මේස හැන්දක්

බිත්තර සුදු මදයක්

යෝගට් 1ක්

ලෙමන් ගෙඩි 1ක යුෂ

මී පැණි මේස හැඳි 4ක්

කිරි පිටි මේස හැඳි 4ක්

හෙනා පවුඩර් මේස හැඳි 10ක්

බීට්රූට් ඉස්ම මේස හැඳි 4ක්

කෝපි කුඩු මේස හැඳි 2ක්

මේ සියල්ල එකට දමා වතුර නැතිව බ්ලෙන්ඩර් කර මිශ්‍රණයක් සකසා ගන්න. මේ සියල්ලම එකතු කර ගැනීමට අපහසු නම් ඔබට හැකි ද්‍රව්‍යයන් කිහිපය පමණක් වුවත් මේ සත්කාරයට ප්‍රමාණවත්.

වියළි කෙස් කලඹකට

බිත්තර කහමද 1ක්

යෝගට් 1ක්

පිටිකිරි මේස හැඳි 6ක්

ආමන්ඩ් තෙල් මේස හැඳි 6ක්

අලිගැට පේර ගෙඩියක්

ලෙමන් ගෙඩි 1/2ක්

ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි 1ක්

මේ සියල්ලම දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මේ මිශ්‍රණයේ දියර ස්වභාවය අඩු නම් පමණක් වතුර බින්දු කිහිපයක් එක් කරගන්න. හිසකෙස් මත එය හොඳින් තැවරීමට තරමක දියරමය බවක් තිබිය යුතුයි.

තෙල් සහිත කෙස් ගසට

පොතු හැරගත් ගර්කින් ගෙඩි 2ක්

මින්ට් ජූස් මේස හැඳි 4ක්

මින්ට් පවුඩර් මේස හැඳි 10ක්

ලෙමන් ගෙඩියක යුෂ

මී පැණි මේස හැඳි 6ක්

මේ සියල්ල ගෙන වතුර නොමැතිව බ්ලෙන්ඩර් කර මිශ්‍රණයක් සකසා ගන්න. මෙය තෙල් සහිත හිසකෙස් මත තවරන්න.

හිසකෙස් මත ගැල්වීම

හොඳින් ෂැම්පු කරගත් හිස කෙස් සෝදා හැරීමෙන් පසු එය 80%ක් පමණ වේළාගෙන කොණ්ඩය කොටස් 4කට බෙදා ගන්න. කොණ්ඩය සිහින් තීරු ලෙස බෙල්ලේ සිටගෙන කෙස් ගසේ උඩ සිට  පහළට වන තෙක් හොයා මාස්ක් එක සම්බාහනය කරමින් ආලේප කරන්න. මුළු කොණ්ඩයේම මේ මිශ්‍රණය හොඳින් ගල්වන්න. දහවල් 12ට පෙර මේ මිශ්‍රණය කෙස් ගස්වල තවරා ගන්න.

මේ සත්කාරය රූපලාවණ්‍යාගාරයක සිදු කළේ නම් ආලේපන ගැල් වූ පසු එය වාෂ්පීකරණය කර පෝෂණය හොඳින් කෙස් ගසට උරා ගැනීමට සලස්වයි. හෙයා මාස්ක් එක ගල්වා විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න. හිසකෙස් ෂැම්පු කිරීම පසුදා සිදු කිරීම වඩාත් සුදුසුයි. මෙම සත්කාරය මසකට වරක් හෝ සිදු කරන්නේ නම් ඔබේ කෙස් ගසට මනා පෝෂණයක් පහසුවෙන්ම ගෙන දිය හැකියි.

ශාලිකා රංගනි සමරදිවාකර


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top