ලස්සන වෙන්න කැමැති ඔබට මෙන්න විශ්මිත ආයුර්වේද රහස් කිහිපයක්
Wednesday, 09 August 2017 - 11:22 | Views - 47,248

දැන් කාලයේ ඕනෑම කෙනෙකු කැමති ලස්සනට ඉන්නයි. එහෙම ඉන්න බාල මහළු මෙන්ම ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව දැඩි කැමැත්තක් හා උත්සහයක් දරනවා. ලස්සන වෙන්න ඇති ආශාව නිසා විවිධ ආලේපන වර්ග මිලට ගෙන භාවිතා කිරිමෙන් ඒවා නිෂ්ඵලවන අවස්ථා මෙන්ම තමන්ගේ සමට හානි කරගන්නා අවස්ථාද බොහොමයි.
මෙම ලිපියෙන් කියවෙන්නේ ස්වභාවික හා පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය කිහිපයකින් තමන්ගේ පෙනුම් ආරක්ෂා කරගත හැකි ක්‍රම කිහිපයකි.
ඔබේ සම දීප්තීමත් හා සුසිනිඳු කරගැනීමට එළකිරි සමඟ ඔලිව් ඔයිල් හෝ ආමන්ඩ් ඔයිල් හෝ දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකොට පිරිසිදු ස්පොන්ච් කැබැල්ලකින් ඔබේ සම පිරිසිදු කරගන්න. එමගින් ඔබේ සම ඉක්මණින් පැහැපත් වේවි.
එළකිරි මගින් ඔබේ සමේ හා සම මත ඇති කුහරවල තැන්පත් වී ඇති දූවිලි හා අපද්‍රව්‍ය ඉවත් කර සම පිරිසිදු කරයි.
ඒ වගේම තමයි විටමින් පෝෂක ඔබේ සම දීප්තිමත් කර මැරුණ සෛල නැවත ප‍්‍රාණවත් කරනවා. ඔබට පුළුවන් ඔබේ සම වැඩි වැඩියෙන් වර්ධනය කර ගන්න විටමින් පෝෂණ සත්කාරය ඔබේ සමටත් ලබා දෙන්න. කරන්න තියෙන්නෙ ඉතා සුළු දෙයක් විතරයි. දෙහි, ලෙමන්, දොඩම් වැනි විටමින් K පෝෂණ ගුණයෙන් අනූන මෙවැනි දේවල් භාවිතා කර ඔබට පුළුවන් ඔබේ සම පිරිසිදු කර ගන්න. දෙහි හෝ ලෙමන් ගෙඩියක් ගෙන හොදින් මුහුණ ප‍්‍රදේශයේ අතුල්ලා මද වේලාවකින් පසුව සෝදා හරින්න. නැතිනම් මද රස්නය සහිත වතුර භාජනයක් ගෙන එයට දෙහි හෝ ලෙමන් යුෂ ස්වල්පයක් එක් කර මුහුණ සේදීම සදහා යොදා ගන්න. විටමින් පිරි මෙම අමු ද්‍රව්‍ය තුළින් ඔබට පැහැපත් නීරෝගී හා දිදුලන සමක් ලබා ගැනීමට හැකිය. එමෙන්ම දෙහි, ලෙමන්, දොඩම් යුෂ පානය කිරීමට ගැනීම ද බොහෝ සේ ගුණදායි වේ.
ඔබේ සමෙහි ඇති ලප කැළැල් ඉක්මනින් ඉවත් කර ගැනීමටත් සුසිනිදු හා රැලි නොවැටුන සමකට හිමිකම් කීමටත් හොද ප‍්‍රතිකාරයක් ලෙස ඔලිව් ඔයිල් භාවිතා කල හැකිය. දිනපතා ඔබ රාත‍්‍රි නින්දට යෑමට විනාඩි 10කට වත් පෙර මෙය කර බලන්න ඉක්මන් ප‍්‍රතිඵල එමගින් ඔබට ලැබෙනු ඇත.
දිනපතා නින්දට පෙර රත් කර ගත් ඔලිව් ඔයිල් ස්වල්පයක් අල්ලට ගෙන හොඳින් ගෙල ප‍්‍රදේශයේ සිට මුහුණ පෙදෙස ඉහලට සම්බාහනය කරන්න. නොකඩවා සති 2ක් මෙය සිදු කර ඔබටත් අදහාගත නොහැකි විශ්මිත වූ ප‍්‍රතිඵල ලබාගැනීමට හැකිවේවී.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article