තරුණ පෙනුමැති මුහුණක් ලබා ගන්න පේර කොළවලින් විශ්මිත ක්‍රමයක් මෙන්න
Wednesday, 09 August 2017 - 9:06 | Views - 21,370
තරුණ වෙන්න කවුද අකමැති?
මුහුණේ සමේ ඇති කැළැල්, රැලි, මුහුණට වයස්ගත් පෙනුමක් ලබා දෙනවා. වයසට යනකොට කොහොමත් සම දුර්වර්ණ වෙනවානේ. අපිට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඒ වගේම බොහෝවිට අපේ වත්තේම තිබෙන පේර ගහෙන් තරුණ පෙනුමක් තියෙන සමක් ලබා ගන්න පුළුවන්නම් කොහොමද?

සමේ රෝග

පේර කොළ සමේ ඇතිවන රතු පැහැති පල්ලම් සහ උද්දීපනයන් සමනය කරයි. එහි ඇති ආසාත්මික තත්ව වළක්වන ගුණ හිස්ටමින් නම් සමේ පටක වල ඇති රසයනක ඇතිවීම වළක්වයි. එමගින් සමේ ඇතිවන ආසාත්මික තත්ව, කැසීම් ඉදමිම් නවත්වයි.

කුරුලෑ ප්‍රතිකාර

පරීක්ෂණ වලට අනුව පේර කොළ කුරුලෑ ඇතිකරන ඇසට නොපෙනෙන ජීවින්ට ඉතා අහිතකරය. පේර කොළ ඇති ප්‍රති බැක්ටීරියා ගුණ මගින් කුරුල ඇති වීම අඩු කරයි.

සම රැලිවටිමට

විද්‍යාත්මක පරීක්ෂණයන්ට අනුව පේර කොළ ගෙඩි වලට වඩා ඛෙහෙවින් ප්‍රයෝජනවත්ය. සම නිරෝගිව තබා ගන්නට උදවු වෙන අතර සම රැලි වැටීමට එරෙහිව ක්‍රියා කරයි.

කැළැල් සහ කළු ලප

මුහුණේ කළු ලප, රතු ගැන්වීම් ආදියට ප්‍රතිකාර ලෙස පේර කොළ පාවිච්චි කරන්න පුළුවන්. එය ඇසට නොපෙනෙන ජීවින් විනාශ කර උද්දීපනය අඩු කරයි.

භාවිතා කරන ආකාරය

පේර කොළ ටිකක් ගෙන පොඩිකර උතුරන වතුරට එකතු කරන්න. වතුර දුඹුරු පාට වී සාන්ද්‍ර වනතෙක් උතුරවන්න. ඉන්පසු නිවෙන්නට තබන්න.

පෙරාගත් ගත්පසු එම ජලය මුහුණ හෝ අවශ්‍ය ස්ථානය මත ගල්වා විනාඩි පමණ සිට මද උණු වතුරින් සෝදා හරින්න. සතියට දෙවරක් මෙසේ කිරීමෙන් වඩා හොද ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top