කුරුලෑ ඉක්මණින් සුවකරගන්න විශ්මිත බෙහෙත් වට්ටෝරු කිහිපයක් මෙන්න
Tuesday, 08 August 2017 - 15:19 | Views - 5,452

කුරුලෑ හේතුවෙන් පීඩා විඳින තරුණ තරුණියන් විවිධ ප්‍රතිකර්ම සඳහා මුදල් වියදම් කොට කිසිඳු ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකිව පසුතැවිලිවන අයුරු අපට ඕනෑ තරම් දක්නට ලැබේ. මෙම ලිපියෙන් කියවෙන්නේ එවැනි පසුතැවිල්ලෙන් සිටින තරුණ තරුණියන්ට තමන්ගේ මුහුණේ ඇති කුරුලෑ සුවකර ගැනීමට හැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.
01) කොත්තමල්ලි , වදකහ , ගොක්සුඹුළු ඇල් දියෙන් අඹරා ගාන්න.
02) ගොරෝචන හා කලාදුරු අල තන කිරෙන් අඹරා ගාන්න.
03) ලෝත්සුබුළු , කොත්තමල්ලි , වදකහ සමව ගෙන උණුවතුරෙන් අඹරා ගාන්න.
04) හිසට ගල්වන හෝ ලේතෙල් හෝ සර්ව විෂාදිය තෙල් හෝ කුරුලෑ වල ගාන්න. අලුත් ඒවා යයි. අනෙක් ඒවා පැසවයි.
එමෙන්ම කුරුලෑ හේතුවෙන් ඇතිවන කැළැල් හා සිදුරු වලට ප්‍රතිකාර පහතින්.
කැළැල් මැකීම සදහා එළකිරි සහ දෙහි ඇඹුල් සමව ගෙන වැල්දමට වියලි කහකුඩු වෙනිවැල් ගැට කුඩු සම පමණ ගෙන පාප්පයක් මෙන් සාදා මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු අල් දියෙන් සෝදන්න. සතියක් කර බලන්න.
කුරුලෑ සිදුරු ගොඩවීමට ප්‍රතිකාර පහතින්.
ඔලිද කොළ සුදු හදුන් හා කලාදුරු අල එක පමණට ගෙන තල තෙලින් අඹරා ගාන්න.
ඉඹුල් ගැහෙ ගැට සහිත කොටස එළකිරෙන් අඹරා ගාන්න.
සියඹලා පොතු විනාකිරෙන් අඹරා ගාන්න.
කුඹුක් ඇටමද මදටිය ඇට එළකිරෙන් අඹරා ගාන්න.
ලොත්සුඹුළු , කොත්තමල්ලි,සහිදළුනු,අබ, වදකහ, ඇල් දියෙන් අඹරා ගාන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article