ආදරයට තෑගි දෙන මිහිරි රසැති චොක්ලට්වල අතීතය
Friday, 24 May 2019 - 9:52 | Views - 1,123
චොක්ලට් ඉතාමත් මිහිරි රසයකින් යුක්ත ප්‍රණීත ආහාරයක්. චොක්ලට් ආදරයේ සංකේත අතරට එක්වන්නේ ආදරය ප්‍රකාශ කිරීමට චොක්ලට් හුවමාරු කරගැනීම හේතුවෙනි. සුවිශේෂී සහ පී්‍රතිමත් අවස්ථාවලදී චොක්ලට් මෙන්ම චොක්ලට් රස ගැන්වූ විවිධ ආහාර භාවිතයට ගැනීම දැකගත හැකියි. බොහෝ දෙනාගේ ප්‍රියතම ආහාර අතරට එක් වන චොක්ලට් දීර්ඝ ඉතිහාසයක් දක්වා දිවයනවා. චොක්ලට් මෙන්ම රසවත් චොක්ලට්වල ඉතිහාස පුවත පිළිබඳව අද අපි කියවා බලමු.

ක්‍රි.පූ. 450දී මීසෝඇමෙරිකානුවන් සහ ඇස්ටෙක්ස්වරුන් කොකෝවා භාවිතය අරඹා තිබෙනවා. ඇස්ටෙක්ස්වරුන්ගේ විශ්වාසයට අනුව ප්‍රඥාවට අධිපති දෙවිඳුන් වන “ශ්‍රී භඥබලචතජධචබත” විසින් කොකෝවා ගස ත්‍යාගයක් ලෙස මිහිමතට ලබාදී තිබෙනවා. එම නිසා ඇස්ටෙක්ස්වරුන් කොකෝවා ඇටවලට ඉතා ඉහළ වටිනාමක් ලබාදුන් අතර මුදල් ලෙසද භාවිත කොට තිබෙනවා. ඇස්ටෙක්ස්වරුන් කොකෝවා ඇට අඹරා පානයක් ලෙස පානය කොට තිබෙනවා. එම පානය “ඔධජධතචබත” යන නාමයෙන් හඳුන්වා තිබෙනවා. එහි අර්ථය වන්නේ තිත්ත රසැති පානය යන්නයි. තිත්ත රසය කොකෝවාවලට ආවේණික වූ රසයක්. තිත්ත රස ඉවත් කිරීමට කොකෝවා ඇට පැසවීමට ලක්කොට වියළා පිරිසුදු කරගැනීම සිදුකරනවා.

මායා සහ ඇස්ටෙක්ස් ශිෂ්ටාචාර තුළදී චොක්ලට්වලට විශේෂ ස්ථානයක් හිමිව තිබෙනවා. විවිධ දිව්‍ය පූජාවන් සඳහා චොක්ලට් පානය නැතිවම බැරි පානයක්ව තිබෙනවා. මායාවරුන් සහ ඇස්ටෙක්ස්වරුන් ඇමසන් වනාන්තරයෙන් සහ ඔරිනොකෝ තැනිතලා බිම්වලින් කොකෝවා ගස් සොයා ඒවාගෙන් කොකෝවා ගෙඩි ලබාගෙන ඇට වෙන්කොට තිබෙන බව ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. ඇස්ටෙක්ස් අධිරාජ්‍යයකු වන මොක්ටේසුමා රජු දිනකට චොක්ලට් බඳුන් 50ක් පමණ පානය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

1502දී කොලොම්බස්ට ඔහුගේ සිවුවැනි මෙහෙයුම අතරතුරදී කොකෝවා ඇට හමුව තිබෙනවා. ඉන්පසු ඔහු ඒවා විවිධ රටවලට රැගෙන ගිය බැව් පැවසෙනවා. ප්‍රථම වරට අප අද භාවිත කරන ඝන චොක්ලට් සාදාගැනීමේ ගෞරවය හිමිවන්නේ බ්ධඵඥනඩ ජ්පර හටයි. 1847දී විවිධ අත්හදාබැලීම්වල ප්‍රතිඵල ලෙස ඔහු විසින් ඝන චොක්ලට් සාදාගනු ලැබුවා. 1868 වසරේදී එංගලන්තය තුළ “ඛ්චඤඡභපර” නම් කුඩා චොක්ලට් ව්‍යාපාරයක් ඇරැඹී තිබෙනවා. ඉන් වසර කිහිපයකට පසු චොක්ලට් ව්‍යාපාරය ලොව පුරා පැතිර ගිය මහා පරිමාණ වාණිජ ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. “ඛ්ඩධජධතචබඥ” යන වචනය ස්පාඤ්ඤ භාෂාවෙන් උරුම වූ වචනයක් බවද සඳහන් කළ යුතුයි.

තියබේ‍රා්මා කොකෝවා නමැති ශාකයෙන් නෙළා ගන්නා කොකෝවා ගෙඩියේ ඇට වියළා කුඩු කර චොක්ලට් කුඩු නිපදවා ඒවා චොක්ලට් නිපදවීමට යොදාගනු ලබනවා. ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට්, පැණි රස නොයෙදූ චොක්ලට්, වයිට් චොක්ලට් වැනි චොක්ලට් ආකාර කිහිපයක්ම තිබෙනවා. වයිට් චොක්ලට් සඳහා කොකෝවා නොයෙදීම නිසා වයිට් චොක්ලට් චොක්ලට් ලෙස හැඳින්විය නොහැකි බවද ඇතැමුන් පවසනවා. කෙසේ වෙතත් කොකෝවා අඩංගු ආහාර පරිභෝජනයෙන් හදවත් රෝග අඩු වන බවයි සඳහන් වන්නේ. එසේම මනස ප්‍රබෝධවත් කර මතක ශක්තිය වැඩි කිරීමට චොක්ලට්වල රසයටත් සුවඳටත් හැකියාව තිබෙනවා. අධික පැණි රසකින් යුක්ත බැවින් අධික ලෙස ආහාරයට ගැනීම හිතකර නොවන බවත් මතක තබාගත යුතුයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top