ඔයාටත් නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් තියනවද...?තත්පර 30 නින්ද යන්න පිළියම මෙන්න
Sunday, 06 August 2017 - 9:39 | Views - 33,149
තත්පර 30 නින්ද යන්න මෙම මිශ‍්‍රණයෙන් කෝප්පයක් පානය කරන්න.
කිරි සහ මී පැණි වලින් යුත් මෙම ඉපැරණි මිශ‍්‍රණය නිදා ගැනීමට අපහසු ඔබට කදිම ප‍්‍රතිකාරයකි. කුඩා දරුවෙකු නිදා ගන්නවා වගේ නිදා ගැනීමට අවශ්‍ය මෙම මිශ‍්‍රණයෙන් වීදුරුවක් නින්දට පෙර පානය කිරීමයි.

නින්ද නොයාම පාලනය කිරීම සදහා මෙම කිරි සහ මී පැණි සාම්ප‍්‍රදායික බෙහෙතක් ලෙස භවිතා කරන ලදී .
කිරි සහ මී පැණි වෙන් වෙන්ව ගත් විට මේ සදහා කාර්යක්ෂම ප‍්‍රතිකාරයක් නමුත් මෙම බෙහෙත් එක්ව ගත්විට ඉතා සුවිශේෂ ප‍්‍රතිඵල ලබාගත හැකිය.

දේහයේ ඉන්සියුලින් පාලනය කිරීමට සහ මොළය මගින් ස‍්‍රාවය කරන  ටි‍්‍රප්ට්‍රොපෑන් නිකුත් කිරිම වැඩි කිරීමට මී පැණි වලට හැකියාව පවතිනවා. මෙම ටි‍්‍රප්ට්‍රොපෑන් දේහය තුලදී සෙරටොනීන් නම් රසායනිකය බවට හරවනු ලබයි.
මෙම සෙරටොනින් දේහය සන්සුන්ව පවත්වා ගැනීමට දායක වෙයි. තව දුරටත් මෙම සෙරටොනින් නිදා ගැනීම සදහා දායක වන මෙලටොනීන් රසායනික සංඝටකය බවට පත්වේ. එම නිසා මී පැණි සහ කිරි වලින් සමන්විත මෙම ප‍්‍රතිකාරකය මෙම සංඝටක දේහය තුලදී වැඩිපුර නිපදවීමට දායක වේ.

පහත පරිදි මෙම මිශ‍්‍රණය නිවසේදී ඔබට සාදාගත හැක.
අවශ්‍ය ද‍්‍රව්‍ය..
කිරි අවුන්ස 6යි
වැනිලා නිස්සාරකයෙන් බ්ංදුවක් පමණ
මී පැණි තේ හැන්දක් පමණ
සාදා ගැනීමට

1.කුඩා භාජනයක කිරි රත් කරගන්න.(නටන තෙක් රත් කරන්න එපා)
2.රස්නය ඉවත් වන තෙක් තබා වීදුරුවකට මාරුකර වැනිලා සහ මී පැණි එයට එක් කරන්න.
3.හොදින් මිශ‍්‍රකර ටිකින් ටික නිදා ගැනීමට පෙර පානය කරන්න.
සැ.යු
කිරි පානයට අකමැති අය සදහා කිරි වෙනුවට සෝයා කිරි හෝ ආමන්ඞ් කිරි යොදා ගන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top