උදරය නෙරාඒම රෝගයක පෙර නිමිත්තක්
Wednesday, 22 May 2019 - 15:45 | Views - 5,098

උදරය නෙරා එමේ ගැටලුවට වයස් භේදයක් නැතිව බොහොමයක් කාන්තාවන් මුහුණ පානවා. අනිසි ආහාර රටාව හා ස්ථුලතාවට අමතරව විවිධ රෝගීි තත්ත්වයන්ද මෙම තත්ත්වයට බලපෑම් කරනවා.
බොහෝ විට කාන්තාවන්ගේ උදරය නෙරා එන්නේ දරු ප්‍රසූතියෙන් පසුව හා මැදිවියට එළැඹීමත් සමඟයි. හැඩැති සිරුරක් තබා ගනිමින් සෞඛ්‍ය සම්පන්නව සිටීමට උන්නදු වන කාන්තාවන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ නිසා උදරය නෙරා ඒමට හේතුවන කාරණා කිහිපයක් ගැන තමයි අද මේ ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ.
පමණ ඉක්මවා ආහාර ගැනීම
යම් පුද්ගලයෙක් ප්‍රමාණය ඉක්මවා ආහාර ගන්නේ නම් එලෙස ගන්නා අතිරේක ආහාර සිරුරේ මේද ලෙස තැන්පත් වෙයි. එනම් මෙම මේද සිරුරේ මධ්‍යයට වන්නට තැන්පත් වෙයි. උදරය, පපුව, හා උකුළ වැනි ස්ථාන තරබාරු වන්නේද මේ හේතුවෙන්. මෙලෙස මේදය තැන්පත් වීම වැඩිවන විට උදරයද ක්‍රමයෙන් ඉදිරියට නෙරා එයි. කාන්තාවන්ගේ ස්ථුලතාවට මේ ආකාරයට අනිසි ලෙස ආහාර ගැනීමත් හේතු වෙනවා.
දරු ප්‍රසූතියෙන් පසු
දරු ප්‍රසූතියෙන් පසු විශාල වන ගර්භාශය නිසා උදරයේ ඉදිරිපස මාංසපේෂීන් ඇදීමකට ලක්වෙනවා. උදරය ඇතුළත අවයව සිරුර අභ්‍යන්තරයට කර තබා ගන්නේ උදරයේ ඉදිරිපස මාංසපේෂි මඟිනුයි. මෙම මාංසපේෂීන් අධිකව ඇදීමකට ලක්වූ විට අභ්‍යන්තර අවයව ඉදිරියට නෙරා ඒම හේතුවෙන් දරු ප්‍රසූතියෙන් පසුව උදරය නෙරා එයි. නමුත් උදරයේ මාංසපේෂීන් ශක්තිමත් කරන ව්‍යායාම්වල නිරත වන්නේ නම් මෙය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම අපහසු නොවේ. එමඟින් උදරය ඉදිරියට නෙරා ඒම පාලනය කර ගැනීමට හැකියි.
රෝගී තත්ත්වයන්
ඇතැම් රෝගී තත්ත්වයන් හේතු කරගෙනද කාන්තාවන්ගේ උදරය නෙරා ඒමා සිදුවෙයි. එනම් කාන්තාවන්ගේ ඩිම්බකෝෂයේ ඇතිවන විශාල ගෙඩි, ගර්භාශයේ ඇතිවන ගෙඩිවලට අමතරව බඩවැල් ආශ්රිත විවිධ රෝගී තත්ත්වයන්ද උදරය නෙරා ඒමට බලපෑම් කරයි. වයස් භේදයකින් තොරව මෙවැනි රෝග තත්ත්ව හේතුවෙන් ඕනෑම කාන්තාවකගේ උදරය ඉදිරියට නෙරා ඒම සිදුවිය හැකියි. මේ නිසා නිසි වෛද්‍ය පරීක්ෂාවකට යොමු වෙමින් ඔබේ රෝගී තත්ත්වයන් හඳුනාගෙන එයට ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසුයි.
දිගින් දිගටම මලබද්ධය පැවතීම හා බඩවැල් තුළ වාතය එකතු වීම නිසාත් (ගෑස්ට්‍රයිටීස්) උදරය ඉදිරියට නෙරා එයි. එම නිසා මෙවැනි රෝග නිසි වෛද්‍ය පරීක්ෂාවකින් හඳුනා ගැනීම වඩාත් වැදගත්.
උදරයේ වතුර එක්වීම
ඇතැම් රෝගී තත්ත්ව හේතුවෙන් උදරය තුළ වතුර එක්වන අවස්ථාද පවතියි. විශේෂයෙන්ම අක්මා රෝග හෝ වකුගඩු රෝග තත්ත්වවලදීත් මීට අමතරව ආසාදන හා පිළිකා වැනි රෝග හේතුවෙන්ද උදරයේ වතුර වැනි ද්‍රාවණයක් එක්විය හැකියි. මේ හේතුවෙන්ද උදරය විශාල වෙයි.
කාන්තාවන් නොදැනුවත්වම ගැබ් ගෙන ඇතිවිටත් උදරය විශාල වෙයි. එය පැහැදිලිවම හඳුනාගත හැකි වන්නේ නිසි වෛද්‍ය පරීක්ෂණයකිනි.
කෙසේ වුවද උදරය විශාල වීමට හේතු ගණනාවක් පැවතියත් යම් පුද්ගලයෙක් වයස්ගත වීමේදී ශරීරයේ වැඩිපුර මේදය තැන්පත් වීම නම් සුලබව දැකිය හැකි තත්ත්වයක්. උදරය විශාලවීම බොහෝ විට සිදුවන්නේ මේදය තැන්පත් වීමෙනි. නමුත් ඔබට ඒ පිළිබඳ යම් සැකයක් පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවී උතබපච ඉධභදඤ ඉජචද පරීක්ෂණයක් මඟින් රෝගී තත්ත්වය හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර වෙත යොමුවන්න.
නමුත් උදරය නෙරා ඒම කෙටි කාලයකදී සිදුවෙයි නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඔබ වහාම ක්‍රියාත්මක විය යුතුයි.
ශාලිකා රංගනි සමරදිවාකර
Share This Article