මහන්සිය නිදිමත අලසකම වෙනදාටත් වඩා දැනෙනවානම් රෝගයක පෙරනිමිත්තක්
Wednesday, 22 May 2019 - 12:05 | Views - 1,834
සාමාන්‍ය ගති ස්වභාවයක් ඇති පුද්ගලයෙක්ට එකවරම අලස බවක්, නිදිමත ස්වභාවයක් හෝ වෙහෙසකර බවක් හැඟෙන්නේ නම් එය අවධානය යොමු කළ යුතු කාරණයක් වෙනවා. සමහර විට මේ ලක්ෂණ යම් රෝගයක මූලාරම්භයක් වෙන්නටත් පුළුවන්.

සාමාන්‍ය චර්යාවන් වෙනස් වෙමින් සිරුරෙන් දැනෙන මෙම ලක්ෂණවලට හේතුව මානසික හෝ ශාරීරික රෝගයක් වීමටත් සැකයි.

මානසික රෝග

අප විෂාදය (Depression) ලෙස හඳුනා ගන්නේ එවැනි මානසික රෝගී තත්ත්වයක් කම්මැළිකම, නිදිමත හා වෙහෙසකර බවක් මෙම තත්ත්වයේදී ඔබට හැඟෙන්නට හැකියාව තිබෙනවා.

දරු ප්‍රසූතියෙන් පසු මවට ඇති වන මානසික ව්‍යාකූලත්වයත් විෂාදය තත්ත්වයක් වෙනවා. එවිට හැමවිටම නිදිමත ස්වභාවයක්, දරුවා පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම වැනි ගති ලක්ෂණ දැකගත හැකියි. මෙය පසු ප්‍රසව විෂාදය ලෙස හඳුනා ගන්නවා.

ආර්තවහරණය ආසන්න වීමේදී

අවුරුදු 45-50 පමණ වන විට කාන්තාවන්ගේ ඔසප්වීම ක්‍රමයෙන් නැවතෙයි. ආර්තවහරණය ලෙස හඳුනාගන්නේ මෙයයි. කාන්තාවන්ට ආර්තවහරණවීම ආසන්න වන විටත් මෙවැනි අලස ගති ස්වභාවයක් දැකගත හැකියි. මුහුණෙන්ද මලානික බවක් දිස්වෙයි. හෝමෝන ක්‍රියාවලියේ වෙනසක් සමඟ මෙවැනි ගති ලක්ෂණ ඉස්මතු වීමට හැකියි.

ඉහත සඳහන් වූ සියලු ගති ලක්ෂණ මතු වන්නේ මානසික රෝගී තත්ත්ව හේතු කරගෙනයි. නමුත් කායිකව පවතින රෝගී තත්ත්ව හේතුවෙන්ද මෙවැනි අලස ගති ස්වභාවයන් ඉස්මතු වෙයි.

කායික රෝග

ශරීරයේ ඇතිවන යම් දුර්වලතා හේතුවෙන් රුධිරය අඩුවීම, හිමොග්ලොබින් ප්‍රතිශතය අවම වීම වැනි කාරණාද යම් පුද්ගලයකු අලස බවට හේතු වෙයි.

වකුගඩු රෝගීන්ගෙන්ද මෙවැනි රෝගී ලක්ෂණ දැකගන්නට හැකියාව තිබෙනවා. රුධිරය නිෂ්පාදනය කරන හෝමෝන නිපදවෙන්නේ වකුගඩු තුළයි. එහි ක්‍රියාකාරිත්වය අඩාල වූ විට රුධිරයේ අඩුවීමක්ද සිදු වෙයි. එවිට සුදුමැලි වීම හා අලස ස්වභාවයක් නිතැතින්ම ඇති වෙයි.

වෛරස් ආසාදන

වෛරස් ආසාදනයන් නිසා ඇතිවන උණ, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි රෝග වැලඳුණ විට සිරුරට තෙහෙට්ටු අලස බවක් ඇතිවන්නේ රෝගයේ අපහසුතාව නිසයි. සිරුරේ තැනින් තැන ඇතිවන වේදනාව, නිදිමත ස්වභාවයත් ඒ සමඟම ඇති වෙනවා.

තයිරොයිඩ්

තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සින් හෝමෝනය අඩු වූ විටත් ඕනෑම අයෙක්ට අලස බවක්ද ඇතිවිය හැකිය. නමුත් මේ සඳහා සුදුසු ප්‍රතිකාරවලට යොමු වීමෙන් එය යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

පෝෂණ උෟනතා

දුගී පවුල්වල සිටින දරුවන්ට නිසි පෝෂණයෙන් යුතු ආහාර නොලැබෙන විටත් මෙවැනි අලස ගති ස්වභාවයන් දිස්වෙයි. සිරුරට අවශ්‍ය විටමින් වැනි පෝෂණ සංඝටක අඩුවීමෙන් හිමොග්ලොබින් නිපදවීම අඩුවී ක්‍රියාශීලී බවද ක්‍රමයෙන් ගිලිහී යයි.

විස ආඝ්‍රානය වීම

කාබන් මොනොක්සයිඩ් වැනි විස වායු ආඝ්‍රානය වීම නිසා ඔක්සිජන් ආඝ්‍රානයට බාධා පමුණුවමින් රුධිර නිපදවීම අඩාල වීම හේතුවෙන් මෙලෙස නිදිමත හා අලස ගති ස්වභාවයන් ඇති විය හැකියි.

මේ නිසා ඔබත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමු වී නිසි ප්‍රතිකාර ලබා ගන්න ඇතැම් විට මෙය භයානක රෝග තත්ත්වයක පෙර නිමිත්තක්ද විය හැකි නිසා කල්තියා හඳුනා ගැනීම එය වහා සුවකර ගැනීමටත් පහසුවක් වෙයි.

ශාලිකා රංගනී සමරදිවාකර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top