කවුරුත් කන්න ආශා කරන අයිස් ක්‍රීම් සෑදුණු හැටි
Wednesday, 22 May 2019 - 10:20 | Views - 2,565
අයිස් ක්‍රීම් බොහෝ දෙනාගේ ප්‍රියතම ආහාර ගොන්නට එක්වන සුවිශේෂී අතුරුපසක්. හිම මෙන් ශීත සිසිලසක් ගෙන දෙන අයිස් ක්‍රීම් ඉතාම ප්‍රණීත රසයකින් යුක්ත වීම එයට හේතුවයි. විවිධ රසයන් රැසකින් විඳිය හැකි අයිස් ක්‍රීම්වලට ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා.

අද වන විට ලොව ප්‍රමුඛ පෙළේ වාණිජ ව්‍යාපාරයක් බවට පත්ව ඇති අයිස් ක්‍රීම්වල ඉතිහාස කතාන්දරය පිළිබඳව මේ ලිපිය තුළින් දිගහැරෙනවා.

අයිස් ක්‍රීම් සොයාගනු ලැබුවේ කවුරුන්ද යන වග සහ සොයාගත් වර්ෂය නියමිත ලෙසම පැවැසීම අපහසු බව ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. නමුත් ක්‍රි.පූ. 200දී පමණ චීන ජාතික ටෑන්ග් ඔෆ් ෂෑන්ග් රජු කිරි සහ බත් මිශ්‍ර කර හිම තුළ තබා ඒවා මුදවා ආහාරයට ගත් බව ඔවුන් සඳහන් කරනවා.

රෝම අධිරාජ්‍යයේ පාලකයන් ඔවුන්ගේ සේවකයෝ හිම කඳු මුදුන්වලට යවා පිරිසුදු හිම ගෙන්වා ඒවා රස ගන්වා ආහාරයට ගෙන තිබෙනවා. එයට අමතරව මහා ඇලෙක්සැන්ඩර් රජු හිම සහ මී පැණි මිශ්‍ර කර ආහාරයට ගැනීමට ප්‍රිය කළ බවටද සාධක හමුව තිබෙනවා.

ක්‍රි.පූ. 500දී පර්සියන් වැසියන් අයිස්වලට මිදි යුෂ යොදා ද ග්‍රීක වැසියන් මී පැණි යෙදූ අයිස්ද ආහාරයට ගෙන තිබෙනවා.

වසර ගණනාවකට පසු මාර්කෝ පෝලෝ අයිස් ක්‍රීම්වලට සමාන Sherbet නම් ආහාර වට්ටෝරුව සමඟ ඉතාලියට පැමිණ තිබෙනවා. ඉන්පසු Sherbet  ජනයා අතර සුප්‍රසිද්ධ ආහාරයක් බවට පත්ව තිබෙනවා. ඉන් වසර ගණනාවකට පසු එංගලන්තයේ චාල්ස් රජුගේ කෝකියකු විසින් ඉතාම රසවත් ලෙස කිරි යොදා අයිස් ක්‍රීම් සාදාගනු ලැබූවත් එම වට්ටෝරුව රහසක් ලෙසට තබා ගන්නා ලෙස රජු කෝකියාට අණ කොට මුදල්ද ලබාදී තිබෙනවා. නමුත් මෙම සිදුවීම්වලින් පසු අයිස් ක්‍රීම් වට්ටෝරුව ලොව පුරා ව්‍යාප්තව ගොස් තිබෙන බව සඳහන් වෙනවා.

16 වැනි ශතවර්ෂයේදී ඉන්දියාවේ මෝගල්වරු කුල්ෆි නමැති අයිස් ක්‍රීම් වර්ගය සාදා ආහාරයට ගෙන තිබෙනවා. වර්තමානය තුළද කුල්ෆි ඉන්දියාව තුළ බොහෝ ජනප්‍රිය සාම්ප්‍රදායික ඉන්දියානු අයිස් ක්‍රීම් වර්ගයක් ලෙස භාවිත වෙනවා.

20 වැනි ශතවර්ෂයේදී ශීතකරණ ව්‍යාප්ත වීම සමඟ අයිස් ක්‍රීම් සෑම දෙනා අතර ප්‍රසිද්ධ ආහාරයක් බවට පත්වූවා. මුල් යුගයේ අයිස් ක්‍රීම් තරමක් රළු ස්වභාවයක් ගෙන තිබුණු අතර මෙම සමයේදී මෘදු ලෙස අයිස් ක්‍රීම් සාදාගනු ලැබුවා. විවිධ ආකාරයෙන් නවීන ලෙස අයිස් ක්‍රීම් සෑදූ Agnes Marshall  නම් කාන්තාව අයිස්වල රැජන ලෙස නම් දැරීම සිදුවූයේද අයිස් ක්‍රීම් ආශ්‍රිතව ඇය කරනු ලැබූ සොයා ගැනීම් මතයි. මෙම යුගය වන විට අයිස් කෝන්වල දමා අයිස් ක්‍රීම් ආහාරයට ගැනීමටද මිනිසුන් හුරුව සිටියා. අයිස් ක්‍රීම් ජනතාවගේ ප්‍රියතම ආහාරයක් බවට පත් වන විට අයිස් ක්‍රීම් සාදන යන්ත්‍ර නිර්මාණය ඇරැඹුණා. ඉන්පසු වාණිජ වශයෙන් මහා පරිමාණ කර්මාන්තයක් ලෙස අයිස් ක්‍රීම් ව්‍යාප්තව තිබෙනවා.

ක්‍රීම්, එළකිරි, සීනි, බිත්තර මූලික අමුද්‍රව්‍ය ලෙස යොදන අයිස් ක්‍රීම් පසුව ගනභාවයට පත් කරනවා. එළකිරි වෙනුවට සෝයා කිරි, අඹරාගත් කජු මද, පොල්කිරි, ආමන්ඩ් කිරි යොදා සාදාගනු ලබන අයිස් ක්‍රීම්ද තිබෙනවා. අයිස් ක්‍රීම්වල ප්‍රථම රසය වූයේ වැනිලා රසයයි. නමුත් අද වනවිට චොක්ලට්, කොෆී, ස්ට්‍රෝබෙරි වැනි රසයන් ඇතුළු රස රැසකින් අයිස් ක්‍රීම් නිෂ්පාදනය කෙරෙනවා. අයිස් ක්‍රීම් Gelato, Sorbet, Frozen, Custard  වැනි නම්වලින්ද හැඳින්වෙනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top