කොන්දේ වේදනාව හා සන්ධි වේදනාව ඉක්මණින් සුවකර ගන්න හැටි මෙන්න
Thursday, 03 August 2017 - 15:21 | Views - 10,770

කොන්දේ වේදනාව කියන්නේ මහළු අයට පමණක් නොව දැන් කාලයේ තරුණ වයසේ පසුවන්නන්ටද වැළඳෙන රෝගී තත්වයක්. කොන්දේ වේදනාව, සන්ධි හා පාදවල ඇතිවන වේදනාව නිසා අපගේ දෛනික වැඩ කටයුතුවලටද බාධා ඇතිවෙන අවස්ථා බොහොමයි. මේ රෝගය සඳහා විවිධ ප්රතිකර්ම කලද සුවනොවන බොහෝදෙනාට මෙම ලිපියෙන් තම නිවසේදීම පහසුවෙන් කල හැකි ප්රතිකර්මයක් පිළිබඳව දැනුවත් විය හැකිය.
පළමුව ආහාරයට ගත හැකි ජෙලටින් සපයා ගන්න. ඉන් පසුව සැන්දෑවක ශිතකරණයෙන් ගත් සිසිල් ජලය කෝප්ප කාලකට ජෙලටින් එක්කර හොදින් මිශ්ර කර එම මිශ්රණය ශිතකරණයෙන් පිටත පසුදා උදෑසන වන තුරු තබන්න. ඉන් පසුව ඔබට එය ජෙලි එකක් ආකාරයට දිස් වනු ඇත.
ඉන් පසුව එම මිශ්රණය කිසිවක් ආහාරයට ගැනීමට පෙර උදෑසන පානය කරන්න. ඔබට පුළුවන් මෙම මිශ්රණය කුමක් හෝ පානයක් සමග හෝ ජලය සමග මිශ්ර කරන්න නැත්නම් යෝගට් හෝ කිරි සමග එසේත් නොමැතිනම් ඔබ ප්රිය කරන ආකාරයකට මෙය පානය කරන්න පුළුවන්.
මෙය ඛෙල්ලේ, සන්ධි වල, පාද වල, කොන්දේ සහ කොදු ඇට පෙලේ වැනි ස්ථානවල වේදනාවෙන් පසු වන්නන්ට සුවය ගෙන දෙනවා. මේ ප්රතිකාරය මාසයෙන් අවසන් වූ පසු මෙය මාස හයක් දක්වා සිදු කරන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article