නිරුවත හෝ අඩ නිරුවත දිහා කලා ඇසකින් බැලුවොත් නම් ඒකේ වැරැද්දක් නැහැ
Tuesday, 05 March 2019 - 10:16 | Views - 901
අදීශා ශෙහානි, ඇය මේ වනවිට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී තිබෙනවා. නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යාමට බලාපොරොත්තු වන අදීශා එයාගේ විස්තර අපිට කිව්වේ මෙහෙමයි.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මම අදීශා ශෙහානි. මගේ වයස අවුරුදු 22යි. දැනට මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා.

නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මගේ යාළුවෙක් මට ෆොටෝෂූට් එකකට ආරාධනා කළා. මම ඒ වෙනකොට නිරූපණයට ඇලුම් කරා. ඒක නිසා මමත් කැමති වෙලා අපි ඒ ෂූට් එක කළා. ඊටපස්සේ දිගටම නිර්මාණවලට ආරාධනා ලැබුණා. මේ වෙද්දි නිරූපණය පැත්තෙන් දායක වෙලා

තියෙන නිර්මාණ ගැන කිව්වොත්?

මම මේ වෙනකොට කෙටි ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ, සහ ෆොටෝෂූට් රැසකට. චෙරියෝ සුන්දරී කියන චිත්‍රපටයට දායක වුණා. තවත් චිත්‍රපටයකට දායක වුණා. ඒක තවම තිරගත වුණේ නැහැ.

නිරූපණය කරන්නේ වෘත්තීයක් විදිහටද?

මම නිරූපණයට ආසයි. ඒ නිසා තමයි මම නිරූපණය කරන්නේ.

නිරූපණයට අමතරව මොනවා හරි බාහිරව කරනවාද?

දැනට නම් නැහැ.

ගෙදරින් කොහොමද ලැබෙන සහයෝගය?

මුලින් මුලින් නම් ගෙදරින් කැමති වුණේ නැහැ. නමුත් මේ වෙනකොට නම් ගෙදරින් අකමැත්තක් නැහැ.

අද නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මම හිතන්නේ දැනට අවුරුදු තුන හතරකට කලින් තිබුණ තරම් තැනක් මේ වෙනකොට නිරූපණ ක්ෂේත්‍රයේ නැහැ.

නිරුවත් හෝ අඩ නිරුවත් නිර්මාණවලට දායක වීම වැරැද්දක්ද?

ලෝකයේ සියළුම රටවල් වල නිරුවත කියන දේ කලාවක් විදිහට දකින්නේ නැහැ. නමුත් නිරුවත කියන්නෙත් කලාවක්. නිරුවත හෝ අඩ නිරුවත දිහා කලා ඇසකින් බැලුවොත් නම් ඒකේ වැරැද්දක් නැහැ.

අද නිරූපණ ක්ෂේත්‍රය ගැන මිනිස්සු වැරදියට කතා කරන්නේ ඇයි?

බහුතරයක් නිරූපිකාවන් සහ ඡායාරූප ශිල්පීන් නිසාම තමයි.

ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු?

නිරූපණ ශිල්පිනියක් විදිහට පුළුවන් තරම් ඉහළට යන්න බලාපොරොත්තු වෙනවා.

උදව් කළ පිරිස ගැන කිව්වොත්?

නම් වශයෙන් කියන්න බැහැ. මොකද මට මේ තැනට එන්න ගොඩාක් අය උදව් කරලා තිබෙනවා. ඉතින් වචනයකින් හරි උදව් කරපු ඒ හැම දෙනාටම මම ස්තූතියි කරනවා.

 

කැළුම් දේවින්ද
2019-02-26-ent-02
2019-02-26-ent-04
2019-02-26-ent-05

 
Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top