ලෝක සංගීත ක්ෂේත්‍රයම කම්පා කළ සංවේදී පුවතක්.. 'Duran Duran' සංගීත කණ්ඩායමේ ගිටාර් වාදක ඇන්ඩි ටේලර් පිළිකා රෝගය සමඟ සටන් කර දිවි ගමනට සමුදෙයි..
Thursday, 26 November 2026 - 15:47 | Views - 17
ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන 'ඩුරාන් ඩුරාන්' (Duran Duran) හි ගිටාර් වාදක ඇන්ඩි ටේලර් (Andy Taylor) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 65ක්.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් සමඟ දීර්ඝ කාලයක් පුරා ධෛර්යවන්ත සටනක නිරත වීමෙන් අනතුරුව සිය නිවසේදී පවුලේ සාමාජිකයින් මැද ඔහු අවසන් සුසුම් හෙළූ බවයි එම සංගීත කණ්ඩායම නිවේදනය කර සිටින්නේ.

1980 දශකයේදී Hungry Like The Wolf, Rio සහ View To A Kill වැනි අතිශය ජනප්‍රිය ගීත හරහා ලෝක ප්‍රසිද්ධියට පත් වූ 'ඩුරාන් ඩුරාන්' කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ඇන්ඩි ටේලර් සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටියා.

ඔහුගේ බිරිඳ වූ ට්‍රේසි පවුල වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ලෝකයට ඔහු විශිෂ්ට ගිටාර් වාදකයෙකු වුවද තමන්ට ඔහු ආදරණීය සැමියෙකු, පියෙකු සහ ආඩම්බරකාර සීයා කෙනෙකු වූ බවයි.

සංගීතය ඔහුව කොතරම් දුරකට රැගෙන ගියත් ඔහු සැමවිටම පවුලට මුල් තැන දුන් බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top