මුළු ප්රදේශයම ශෝකයෙන් කම්පා කළ අවාසනාවන්ත අනතුර.. ධාවනය වෙමින් තිබූ කැබ් රථයකින් ඇද වැටී 13 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට..
Thursday, 26 November 2026 - 15:31 | Views - 15
නොර්වුඩ් පොලිස් වසමේ වෙන්චර් උඩ කොටස ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ කැබ් රථයක පිටුපසින් ඇද වැටී 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (25) සවස් කාලයේදී නොර්වුඩ් දෙස සිට වෙන්චර් අක්කර 50 දෙසට ධාවනය වූ කැබ් රථයක පිටුපස ගමන් කරමින් සිටි මෙම දැරිය රථයෙන් බිමට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය ප්රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙන්චර් අක්කර 50 ප්රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි දැරියක්.
සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නොර්වුඩ් පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Share This Article