ආසියානු කුසලාන නැඟී එන තරු කිරුළ වෙනුවෙන් අද තීරණාත්මක සටනක්.. පවන් රත්නායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා යොවුන් තරු අද පිටියට බසියි..
Thursday, 26 November 2026 - 15:19 | Views - 20
‘ආසියානු කුසලාන නැඟී එන තරු’ (ACC Men's T20/ODI Emerging Teams Asia Cup) එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තීරණාත්මක තරග අද (26) කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පවන් රත්නායකගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන අතර, ඉන්දීය ‘ඒ’ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ තිලක් වර්මා විසින්.
මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සියලු තරග ජය ගනිමින් අපරාජිතයන් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක්.
අනෙක් පසින් ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම මූලික වටයේදී පාකිස්ථානය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් සිය කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් මෙම අවසන් පූර්ව තරගය සඳහා එක්ව සිටිනවා.
මේ අතර, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
Share This Article