කඩවසම් පෙනුමෙන් වගේම අසමසම රංගන කුසලතාවයෙන් රසික හදවත් වශී කළ ආදිත්‍ය රෝයි කපූර්ගේ උපන්දිනයට ලෝකයම සුබ පතයි..
Monday, 16 November 2026 - 10:56 | Views - 45
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පී ආදිත්‍ය රෝයි කපූර් (Aditya Roy Kapur) කියන්නේ..

ඉතින් ඔහුගේ 41 වැනි උපන් දිනය අදට (16) යෙදී තිබෙනවා.

'Aashiqui 2', 'Malang', සහ 'The Night Manager' වැනි සුපිරි චිත්‍රපට හා වෙබ් මාලා හරහා ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත රසික ජනතාවකගේ හදවත් දිනාගත් ආදිත්‍ය, බොලිවුඩයේ වෙනස්ම මාවතක ගමන් කරන කලාකරුවෙක්.

කලා පවුලකින් පැවත එන ඔහු ප්‍රකට නිෂ්පාදක සිද්ධාර්ත් රෝයි කපූර්ගේ හා නළු කුනාල් රෝයි කපූර්ගේ සොහොයුරා මෙන්ම විද්‍යා බාලන්ගේ මස්සිනාද වෙනවා. හැබැයි මොහු අහම්බෙන් රංගනයට පිවිසි දක්ෂයෙකු ලෙසත් නිතර කතාබහට ලක්වනවා.

වසරින් වසර සිය රංගන කුසලතාව තවත් ඔප්නංවා ගනිමින් ඉදිරි සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානම් වන ආදිත්‍ය රෝයි කපූර් වෙත ලොව පුරා සිටින සිනමාකරුවන්, ප්‍රමුඛ පෙළේ කලාකරුවන් මෙන්ම කෝටි සංඛ්‍යාත රසික රසිකාවියන් ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය උණුසුම් සුබ පැතුම් එක් කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top