රාවල්පින්ඩි ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු විශිෂ්ට ජයග්‍රහණය.. කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරවනීය නාම පුවරුවට..
Saturday, 14 November 2026 - 16:51 | Views - 63
පාකිස්තානයට එරෙහිව රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතක වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා එම ක්‍රීඩාංගණයේ ගෞරවනීය නාම ලේඛනයට (Honours Board) ඇතුළත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව සිය පළමු තරගයට සහභාගී වූ කුසල් මෙන්ඩිස්, එහිදී ලකුණු 119ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා.
එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වැනි ශතකය ලෙස වාර්තා වන අතර, නායකත්වය භාරගත් පළමු තරගයේදීම ශතකයක් රැස් කිරීම විශේෂත්වයක් වනවා.
මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ද පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 167ක් රැස් කිරීමට සමත්ව වුණා.
එය ධනංජය ද සිල්වාගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වැනි ශතකය ලෙසයි වාර්තා වන්නේ.
Share This Article