ශ්රී ලංකාවේ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ඉතිහාසයේ අලුත්ම සටහන.. මුල් මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 640ක ආදායමක්..
පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් මෙම වසරේ මුල් මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 640ක ආදායමක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනවා.
ඉන් සියයට 25ක් ම උපයාගෙන ඇත්තේ කොහුබත්, කොහු කෙඳි, පොල් කැබලි සහ පොල් කටු අඟුරු ඇතුළු පොල් ආශ්රිත අනෙකුත් අතිරේක නිෂ්පාදනවලින් බව ඔහු සඳහන් කළා.
පසුගිය වසරේදී පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 1,222ක ආදායමක් උපයා ගත්තා.