ලංකාවේ ළමා මන්දපෝෂණය තවදුරටත් ඉහළ මට්ටමක.. තවත් අර්බුදයක පෙරනිමිති ගැන ලෝක බැංකුවෙන් රතු එළියක්..
Thursday, 08 October 2026 - 16:39 | Views - 169
ශ්‍රී ලංකාව තුළ ළමුන් මන්දපෝෂණයට සහ මිටිභාවයට (Child Stunting) ගොදුරුවීමේ ප්‍රතිශතය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමෙන් පෙන්නුම් කරන්නේ පැවැති ආර්ථික අර්බුදයේ දීර්ඝකාලීන බලපෑම බව ලෝක බැංකුව පවසනවා.

ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද 'From Recovery to Transformation' නැමැති ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීමේ (Sri Lanka Development Update) නවතම වාර්තාව මගින් මේ බව පෙන්වා දී තිබෙනවා.

එම වාර්තාවට අනුව 2023 වසරේදී 20.7%ක් ලෙස ඉහළ අගයක පැවැති දිළිඳුකම, 2025 වසර වන විට 16.9% දක්වා අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති නමුත්, එය තවමත් 2019 වසරේ පැවැති 11.5%ක අගයට වඩා ඉහළ මට්ටමක පවතිනවා.

එමෙන්ම, මෙරට සේවකයන්ගේ තාත්වික වේතන (Real Wages) තවමත් 2019 වසරට පෙර පැවැති මට්ටමට වඩා 12%කින් පහළ බැස ඇති බවයි එම වාර්තාවේ සඳහන්.

ආර්ථිකයේ ක්ෂණික පිබිදීම මන්දගාමී වීම සහ ප්‍රවාහන හා නිෂ්පාදන ක්ෂේත්‍රවල දුර්වලතා හේතුවෙන් ඉදිරියේදී මෙරට ආර්ථික වර්ධනය 4.2% දක්වා පහත වැටෙනු ඇතැයිද ලෝක බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

ලෝක බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2026 වසර වන විට ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 40ක් දිළිඳු හෝ දිළිඳු රේඛාවට ආසන්නව ජීවත් වන බැවින්, යම් ලෙසකින් ජනතාවගේ තාත්වික ආදායම තවදුරටත් පහත වැටුණහොත් විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top