වායු දූෂණයෙන් ලංකාවේ 7000ක් සෑම වසරකම මරුට.. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අතිශය භයානක හෙළිදරව්වක්..
Thursday, 06 August 2026 - 9:24 | Views - 46
පරිසරය දූෂණය වීම සහ විශේෂයෙන්ම වායු දූෂණය වැඩිවීම හේතුවෙන් ඇතිවන නොයෙකුත් සංකීර්ණ රෝගාබාධවලින් පෙළෙමින් සෑම වසරකම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 7000ක් පමණ අකාලයේ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන ප්‍රකාශ කළා.

වායු දූෂණය හේතුවෙන් මිනිසුන් ශ්වසන ක්‍රියාවලියේදී ඇදුම, හතිය ඇතුළු විවිධ ශ්වසන රෝගවලට මෙන්ම පෙණහලු රෝග, පෙණහලු පිළිකා සහ අංශභාග වැනි මාරාන්තික තත්ත්වයන්ට පවා ගොදුරු වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නා.

වාතයේ අඩංගු කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු වර්ග මෙන්ම පී.එම්. 2.5 ට වඩා අඩු සියුම් අංශු ශ්වසනය කිරීමේදී පෙණහලු තුළට කිඳා බැස රුධිරයට මිශ්‍ර වීම මඟින් මෙම බරපතල තත්ත්වය නිර්මාණය වන බව අනාවරණය වුණා.

පරිසරයට වැඩිම වශයෙන් වායු දූෂණය එකතු වන්නේ රථවාහනවලින් නිකුත් වන දුම මඟින් බවත්, ඊට අමතරව කර්මාන්තශාලා, එළිමහනේ අපද්‍රව්‍ය ගිනි තැබීම් සහ දර භාවිතයෙන් ඉවුම් පිහුම් කිරීම් ආදියෙන් ද මෙම අහිතකර වායුන් වායුගෝලයට එකතු වන බවත් ප්‍රකාශ වුණා.

මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු අතර, අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමේදී නිසි උපදෙස් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සමරවීර ද අදහස් දක්වමින් අවධාරණය කළා.

අරුණ පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top