ඔබත් දිනකට පැය 6කට වඩා අඩු නින්දක් ලබන කෙනෙක්ද? අඩු නින්ද මානසික අවපීඩනයට සහ දරුණු රෝග රැසකට මුල පුරයි...
Sunday, 26 July 2026 - 19:28 | Views - 171
ප්රමාණවත් නින්දක් නොලැබීම පුද්ගලයෙකුගේ මානසික සෞඛ්යයට සහ සුවතාවයට සෘජුවම අහිතකර ලෙස බලපාන බවත්, දිනකට පැය 6ක නින්දක් ප්රමාණවත් යැයි සමාජයේ පවතින මතය සම්පූර්ණයෙන්ම මිත්යාවක් බවත් ගාල්ල ජාතික රෝහලේ සායනික ස්නායු විශේෂඥ වෛද්ය ජනක වෛද්යසේකර ප්රකාශ කළා.
 
ලෝක මස්තිෂ්ක දිනය (World Brain Day) නිමිත්තෙන් ලුබුදුව දක්ෂිණපායා ශ්රවණාගාරයේදී පැවති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකදී දේශනයක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

අමෙරිකාවේ ප්රමුඛතම නින්ද පිළිබඳ පර්යේෂණ ආයතනය වන National Sleep Foundation හි පර්යේෂණ දත්ත උපුටා දක්වමින් විශේෂඥ වෛද්යවරයා පෙන්වා දුන්නේ නිරෝගී මොළයක් සහ ශරීරයක් පවත්වා ගැනීම සඳහා තරුණ සහ වැඩිහිටි වියේ පසුවන පුද්ගලයෙකුට අවම වශයෙන් පැය 7ක නින්දක් අත්යවශ්ය වන බවයි.

නිසි නින්දක් නොලැබීම හේතුවෙන් දෛනික ජීවිතයේ සිදුවන ධනාත්මක හැඟීම් සහ යහපත් අත්දැකීම් මතකයේ ස්ථාවරව තැන්පත් කර ගැනීමට මොළයට ඇති හැකියාව ඇහිරී යන බවත්, මෙලෙස ධනාත්මක මතකයන් ගිලිහී යාම නිසා පුද්ගලයාගේ මනස තුළ අහිතකර අත්දැකීම් පමණක් තැන්පත් වී මානසිකව ඇදවැටීම් සිදුවන බවත් වෛද්යවරයා විග්රහ කළා.

තවද, දීර්ඝකාලීනව නින්ද අඩුවීම මගින් මානසික අවපීඩනය, අධික කාංසාව සහ ද්විධ්රැවීය අක්රමිකතාව වැනි දරුණු මානසික ආබාධ ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නා.

නින්ද නොලැබීම හේතුවෙන් පුද්ගලයෙකු නොදැනුවත්වම දරුණු මානසික හා ශාරීරික පහත වැටීමකට ලක්වන අහිතකර චක්රයකට හසු වන ආකාරය පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කළා.

නින්ද මදිවීම නිසා ශරීරයට අධික වෙහෙසක් දැනෙන අතර, ඉන් පසුව කිසිදු කාර්යයකට අවධානය යොමු කිරීමට නොහැකි වන බවත්, එහි ප්රතිඵලයක් ලෙස හටගන්නා අධික මානසික පීඩනය සහ අනිසි බිය නැවතත් රාත්රියට නින්ද නොයාමේ දරුණු අර්බුදයකට මඟ පාදන බවත් විශේෂඥ වෛද්යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, නින්දේ පවතින REM (Rapid Eye Movement) අදියර මගින් පුද්ගලයාගේ ඉගෙනීමේ හැකියාව, මතකය සහ මානසික යහපැවැත්ම වර්ධනය කරන අතර, සුදුසු නින්දක් ලැබූ පසු උදෑසන අවදි විය හැක්කේ ඉතා ප්රබෝධමත් සහ සක්රීය මනසකින් යුතුව බවද ඔහු ප්රකාශ කළා.

අවුරුදු 14ත් 17ත් අතර නව යොවුන් වියේ පසුවන්නන්ට දිනකට පැය 8 සිට 10 දක්වා නින්දක් අවශ්ය වන බව වයස් කාණ්ඩ අනුව නිර්දේශිත නින්දේ ප්රමාණයන් පැහැදිලි කරමින් වෛද්යවරයා සඳහන් කළා.

නිෂ්පාදනාත්මක වයස් කාණ්ඩවල පසුවන තරුණ සහ වැඩිහිටි පිරිස්වලට පැය 7 සිට 9 දක්වා නින්දක් අත්යවශ්ය වන අතර, පැය 6ක නින්දක් ප්රමාණවත් වන්නේ වයස අවුරුදු 65ට වැඩි ජ්යෙෂ්ඨ පිරිස්වලට පමණක් බවද හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කළා.

එබැවින්, රැකියාවල නිරත වන සහ සක්රීය ජීවිතයක් ගත කරන සියලුම තරුණ හා වැඩිහිටි පිරිස් සිය මානසික හා ශාරීරික සෞඛ්යය සුරක්ෂිත කර ගැනීම සඳහා අවම වශයෙන් පැය 7ක නොබිඳුණු නින්දක් ලබා ගැනීමට වගබලා ගත යුතු බව ලෝක මස්තිෂ්ක දින විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනේදී විශේෂඥ වෛද්යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top