ක්‍රිස්ටෝෆර් නෝලාන්ගේ 'The Odyssey' සිනමාපටය ලෝක සිනමාහල් හොල්ලයි.. පළමු සති අන්තයේදීම දැවැන්ත ආදායමක්...
Monday, 20 July 2026 - 15:10 | Views - 169
ලොවප්‍රකට සිනමාකාර ක්‍රිස්ටෝෆර් නෝලාන්ගේ නවතම ක්‍රියාදාම සිනමා නිර්මාණය වන “The Odyssey” පසුගිය සති අන්තයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 124.5ක අතිවිශාල ආදායමක් උපයමින් තිරගත කිරීම් ආරම්භ කර තිබෙනවා.

හෝමර්ගේ වසර 3,000ක් පැරණි හෝමර්ගේ මහා කාව්‍යය ඇසුරින් නිර්මාණය කර තිබෙන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා Matt Damon රංගනයෙන් දායක වන අතර, Tom Holland, Anne Hathaway, Robert Pattinson, Lupita Nyong’o, Zendaya, Charlize Theron, Elliot Page, Jon Bernthal, John Leguizamo ඇතුළු සුපිරි තරු රැසක් ඊට රංගනයෙන් එක්ව සිටිනවා.

ජාත්‍යන්තර සිනමාපට ප්‍රේක්ෂකාගාරයෙන් ද ඩොලර් මිලියන 139.6ක ආදායමක් වාර්තා කර තිබෙන අතර, ඒ අනුව ලොව පුරා සමස්ත ආදායම ඩොලර් මිලියන 264.1ක් ලෙස සටහන්ව තිබෙනවා. මෙය නෝලාන්ගේ සිනමා ජීවිතයේ මෙතෙක් ලැබූ ඉහළම ගෝලීය ආරම්භක ආදායම ලෙස ද වාර්තා අතරට එක් වුණා.

සම්පූර්ණයෙන්ම Imax කැමරා තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කර තිබෙන මෙම සිනමාපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක දැවැන්ත පිරිවැයක් දැරීමට නිෂ්පාදකයින් පියවර ගෙන තිබෙන අතර, මේ වන විටත් ලොව පුරා ප්‍රේක්ෂකයින්ගෙන් සහ විචාරකයින්ගෙන් ඊට ඉතා ඉහළ ප්‍රතිචාර හිමිව තිබෙනවා.

මූලාශ්‍රය: Variety ඇසුරින්..
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top