ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩාවට.. ඉදිරියේදී රෝගීන්ගේ ප්‍රතිශතය තවත් ඉහළ යාමේ දැඩි අවදානමක්...
Saturday, 18 July 2026 - 19:31 | Views - 28
මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට මේ වන විට හඳුනා ගත්තා. වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය ඒ බව ප්‍රකාශ කළා. මීට අමතරව තවමත් හඳුනා නොගත් සහ වෛද්‍ය පරීක්ෂණවලට භාජනය නොවූ වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක්ද මෙරට තුළ සිටිය හැකි බව වෛද්‍යවරිය සඳහන් කළා.

වකුගඩු රෝගය වැළඳීමට ප්‍රධානම හේතුව දියවැඩියාව බව වෛද්‍යවරිය පෙන්වා දුන්නා. අනෙකුත් ආසියානු රටවලට සාපේක්ෂව වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ලංකාව පත් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 25%ක අගයක් ගන්නා අතර, දියවැඩියාව රෝගය මනාව පාලනය නොකිරීම නිසා ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වුණා. මීට අමතරව අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ වස විෂ ශරීරගත වීම වැනි තත්ත්වයන් ද මීට සෘජුවම බලපෑවා.

මේ හේතුවෙන් දැනට වාර්තා වන 10%ක වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී 25%ක් දක්වා ඉහළ යා හැකියි.

එය ඇතැම් විට 30%-40%ත් දක්වා ඉහළ යා හැකි බවට ද වෛද්‍යවරිය අනතුරු ඇඟෙව්වා. කොළඹ ආශ්‍රිතව සිදු කළ සොයා බැලීම්වලදී වකුගඩු රෝගයට ගොදුරු වූ තරුණ ප්‍රජාවද හමු වුණා.

ඔවුන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව, විවිධ කායවර්ධන කටයුතු සහ සම පැහැගැන්වීම සඳහා භාවිත කරන විවිධ ඖෂධ වර්ග මේ සඳහා ප්‍රධාන හේතුවක් වුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top