දකුණු ආසියාවම මවිත කළ අනාවරණය! වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය ජනතාවට වඩා වසර 15කින් කෙටි වෙයි..
Saturday, 04 July 2026 - 8:57 | Views - 109
වෛද්‍යවරයකුගේ ආයු කාලය අනෙකුත් සාමාන්‍ය පුද්ගලයකුගේ ආයු කාලයට වඩා වසර 15 කින් අඩු බව ඉන්දීය සමීක්ෂණයකින් හෙළිව ඇති බවට වාර්තා වෙනවා.

ඉන්දීය වෛද්‍ය සංගමය (Indian Medical Association - IMA) විසින් සිදු කළ ජාතික සමීක්ෂණයක් මගින් පෙන්වා දී ඇති පරිදි, සාමාන්‍ය පුද්ගලයකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 73.6 ක් වන අතර, වෛද්‍යවරයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 58.1ක් පමණක් වන බවයි.

සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව වෛද්‍යවරු සියයට 22.2ක් මානසික අවපීඩනයෙන් (Depression) පෙළෙන අතර, සියයට 23.3 ක් කාංසාවෙන් (Anxiety) පෙළෙන අතර සියයට 2.8 ක් සියදිවි නසා ගැනීමේ සිතුවිලි (Suicidal ideation) පවතින බව අනාවරණය වී තිබුණා.

සමීක්ෂණය අනුව එයට සහභාගී වූ ඉන්දීය වෛද්‍යවරුන් අතරින් සියයට 49.6ක් දැඩි වෘත්තීය පීඩන තත්ත්වයෙන් ද සියයට 39.1ක් මධ්‍යස්ථ වෘත්තීය පීඩන තත්ත්වයෙන් ද, සිටින අතර සියයට 11.3 ක් පමණක් අඩු වෘත්තීය පීඩන මට්ටමක සිටින බව වාර්තා වෙනවා.

තවද වෛද්‍යවරුන්ගෙන් සියයට 32.1 ට අධිරුධිර පීඩනය, සියයට 24.2කට අධික ආතතිය, සියයට 21.7 කට දියවැඩියාව, සියයට 19.4කට අධික කොලෙස්ටරෝල්, සියයට 16.8 කට ස්ථුලතාව ඇති බව හෙළි වී තිබෙනවා.

මේ සමීක්ෂණයට අනුව වෛද්‍යවරුන් සාමාන්‍ය ජනතාවගේ ආයු කාලයට වඩා වසර 15 කට කලින් ජීවිතයෙන් සමුගන්නා බව අනාවරණය වී තිබුණා.

කෙසේ වෙතත් , මෙය ඉන්දියාවට පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල සෞඛ්‍ය පද්ධති සඳහා ද වැදගත් අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය හැක්කේ.

මෙම අධ්‍යයනය මාස 12 ක කාලයක් පුරා ඉන්දියාව පුරා වෛද්‍යවරුන් 1,537 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකර තිබුණා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top