ඩෙංගු වසංගතය අනපේක්ෂිත ලෙස වර්ධනය වෙයි.. රෝහල් ධාරිතාවත් පිරෙයි.. දින 3ක විශේෂ මෙහෙයුමක් ඇරඹෙයි.
Thursday, 25 June 2026 - 13:22 | Views - 170
ඩෙංගු වසංගතය මේ වන විට අපේක්ෂා නොකළ අන්දමින් වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථානවල මෙම ඩෙංගු තත්ත්වය ඉතා බරපතල ලෙස වාර්තා වන බව එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ සඳහන් කළා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගය වළක්වා ගැනීම සහ පාලනය කිරීම වෙනුවෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (ජුනි 24) සිට හෙට (ජුනි 26) දක්වා ක්‍රියාත්මක වන පරිදි දින 3ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව වසංගතයේ වත්මන් තත්ත්වය මෙසේය:

ඩෙංගු හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 29ක් සිදුව ඇති අතර වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත රෝගීන්ගෙන් සියයට 52ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 25,167ක් ලෙස සටහන් වුණා.

ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස ගණන 112ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිනෙන් දින රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහල සහ IDH රෝහල මේ වන විටත් ඩෙංගු රෝගීන්ගෙන් උපරිම ධාරිතාවට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.

ඩෙංගු රෝගයට අමතරව මේ දිනවල චිකුන්ගුන්යා රෝගය ද හිස ඔසවමින් පවතින බව මේ අතර කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර අනාවරණය කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top