රෝගීන් ගණන 50,000ට ආසන්න වෙද්දී, ඩෙංගු මඩින්න විශේෂ වැඩපිළිවෙළ රැසක්.. ඔබත් මේ ගැන අවදානයෙන්ද..?
Wednesday, 24 June 2026 - 18:49 | Views - 133
මේ කියන්න යන්නේ ඔබ මේ දවස්වල සැලකිලිමත්විය යුතු තවත් එක් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්.

අද වෙනකොට බොහෝ දෙනා ඩෙංගු නිසා අවදානමට ලක්වෙලා තියනවා.

දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000ට ආසන්න වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව ඊයේ (23) දිනය දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287 ක්.

එමෙන්ම, මෙම මාසයේ ඊයේ දිනය දක්වා ඩෙංගු රෝගීන් 14,446 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10,085ක්.

එමෙන්ම, මේ දක්වා සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 29ක් වනවා.

මේ අතර, රට තුළ උද්ගතව ඇති ඩෙංගු අධිවසංගත තත්ත්වයක් සමඟ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ නගර සභාව සහ ක්ලීන් ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලය එක්ව අද (24) දින ඩෙංගු පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා ළඟාවිය නොහැකි ස්ථාන පරීක්ෂා කිරීමට drone තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා.

ඒ අනුව ළඟාවිය නොහැකි ස්ථානවල මදුරු කීටයන් බෝ වි ඇතිදැයි පරීක්ෂා කිරීමේ කටයුතු කොළඹ නගර ප්‍රදේශය තුළ සිදුකෙරුණා.

මෙම අවස්ථාවට ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන් සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top