පවතින කාලගුණයත් එක්ක ප්‍රවේශමෙන්.. උණ රෝග කිහිපයක් පැතිරීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ හෙළි කරයි..
මේ දිනවල පවතින්නේ, ටිකක් වෙනස් විදිහක කාලගුණ තත්වයක්..
ඒ නිසා පැතිර යන ලෙඩ රෝග ගැනත් බොහෝමයක් අහන්න ලැබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසුණු තවත් විශේෂ කතාවක්.
සෞඛ්‍ය අංශවලින් ඒ ගැන මහජනතාවට කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඩෙංගු වසංගතය සමග වෛරස උණ වර්ග කීපයක්ම පැතිර යමින් තිබෙන බවට වාර්තා වෙනවා.
ඒ බැවින් වඩාත් සැලකිල්ලෙන් සිටින ලෙස ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළා.කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මෙන්ම අනෙකුත් වෛරස උණ පැතිරීම ප්‍රබල තත්ත්වයට පත් වෙමින් තිබෙන බවද ඇය පැවැසුවා.
මෙම වසරේ ගෙවී ගිය මාස පහයි දින 18 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 43,559 ක් මෙරටින් හමුවී ඇතැයිද ඇය සඳහන් කළා.
මෙම වසර තුළ ඩෙංගු මරණ 27 ක් වී ඇති අතර මියගිය අයගෙන් විසිඑක් දෙනෙක්ම කාන්තාවන්.
මියගිය පිරිස අතර පාසල් දරුවන් සිව් දෙනෙක් සිටින බවද ඇය පැවැසුවා.පවතින සංඛ්‍යා දත්ත ප්‍රක්ෂේපණයේ දී මෙලෙස ඩෙංගු ව්‍යාප්ත වුවහොත් රෝගීන් ලක්ෂය ඉක්මවා යෑමේ අනතුරක් දක්නට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.