දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ලොකු පියවරක්.. දිවයිනේ සියලු‍ පාසල් සහ පෙර පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද ක්‍රියාත්මකයි.
Thursday, 18 June 2026 - 10:54 | Views - 77
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු‍ම පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ඉලක්ක කරගනිමින් අද (18) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම විශේෂ පවිත්‍රතා සහ මර්දන වැඩසටහන නිසි පරිදි සංවිධානය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු‍ම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක්ද පසුගියදා නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අද දිනයේ පාසල් සහ පෙර පාසල් පරිශ්‍රයන්හි මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමට පියවර ගැනෙනවා.

සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති විශේෂ ඩෙංගු මර්දන සතියේ 04 වැනි දිනයද අද (18) සනිටුහන් වනවා.

වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම මර්දන ක්‍රියාවලිය වඩාත් වේගවත් කර ඇති බව වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය ඇතුළේ ඉහළින්ම වැජඹෙන, නිතරම වගේ හැමෝගෙම කතාබහට ලක්වෙන තාරකාවක්...
Hiru Tv Blog
සුහන්දි වොශදී කියන්නේ මේ දිනවල ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂතම මෙන්ම ප්‍රේක්ෂක...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top