කොන්ඩම් එකකටවත් නවත්වන්න බැරි ලිංගාශ්‍රිත රෝග මෙන්න. බොහෝ දෙනෙක් නොදන්නා රහස් රෝග 3ක් ගැන වෛද්‍යවරුන් හෙළි කරයි.
Wednesday, 17 June 2026 - 18:40 | Views - 475
ලිංගික සබඳතාවලදී ආරක්ෂාව ගැන හිතලා කොන්ඩම් පාවිච්චි කළාම හැම ලිංගාශ්‍රිත රෝගයකින්ම 100%ක්ම බේරෙන්න පුළුවන් කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම්, අන්න ඒක වැරදි මතයක්. ලිංගික තරල හුවමාරු නොවී, නිකම්ම සමට සම ස්පර්ශ වීමෙන් විතරක්ම (Skin-to-Skin Contact) ඔබට වැළඳෙන්න පුළුවන් භයානක ලිංගාශ්‍රිත රෝග 3ක් ගැන වෛද්‍යවරුන් දැන් අනතුරු අඟවනවා.

ලිංගික සෞඛ්‍ය සහ HIV පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පෙන්වා දෙන්නේ කොන්ඩමයක් භාවිත කළත්, සමෙන් සමට බෝවන රෝග සඳහා ලැබෙන්නේ 75% - 80%ත් අතර ආරක්ෂාවක් පමණක් බවයි.

මෙන්න ඒ විදිහට සමට සම ස්පර්ශයෙන් බෝවෙන ප්‍රධාන රෝග 3,

ලිංගික හර්පීස් (Genital Herpes)- ආසාදිත සමක් තවත් සමක ගැටීමෙන් - කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ජීවිත කාලය පුරාම සිරුරේ සැඟවී තිබිය හැක.
ලිංගික ඉන්නන් (HPV) - Human papillomavirus වෛරසය හරහා - ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව ඉන්නන් හටගැනීම සිදු වේ.
සිපිලීස් (Syphilis) - රෝගයෙන් ඇතිවන තුවාල සමට ස්පර්ශ වීමෙන් - ලිංගික ප්‍රදේශවල රෝග ලක්ෂණ නැතිව වුවද ශරීරගතව පැවතිය හැක.

මේ රෝගවල තියෙන භයානකම දේ තමයි, ගොඩක් අයට මේවා වැළඳුණාට පස්සේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැති වීම. විශේෂයෙන්ම ලිංගික හර්පීස් කියන්නේ මුළු ජීවිත කාලයටම එකම එක තුවාලයක්වත් මතු නොවී සිරුර ඇතුළේ නිහඬව තියෙන්න පුළුවන් රෝගයක්. හැබැයි ලක්ෂණ නැති වුණාට තමන්ගෙන් සහකරුට හෝ සහකාරියට රෝගය බෝ වෙන්න තියෙන ඉඩකඩ 100%ක්ම තියෙනවා.

විශේෂඥ වෛද්‍යවරියගේ අනතුරු ඇඟවීම: "HIV වගේ රෝගයක් ශරීරගත වෙලා ලක්ෂණ මතු වෙන්න අවුරුදු 8 - 10ක් වගේ කාලයක් යන්න පුළුවන්. අනාරක්ෂිත සබඳතාවක් පැවැත්වූ සැනින් ටෙස්ට් එකක් කළාට රෝගය අහුවෙන්නේ නැහැ. ඒකට 'වින්ඩෝ පීරියඩ්' (Window Period) කියලා කාලයක් තියෙනවා. ඒ නිසා සැකයක් තියෙනවා නම් පරීක්ෂණ කරලා තහවුරු කරගන්නකම් සහකරු හෝ සහකාරිය සමඟ සබඳතා පැවැත්වීමෙන් වැළකීම තමයි ආරක්ෂිතම ක්‍රමය."

දැන් මේ කිසිම රෝගයක් මාරක තර්ජනයක් නෙවෙයි. HIV රෝගයට පවා දැන් ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ලංකාවේ තියෙනවා. වැදගත්ම දේ ලැජ්ජාව පැත්තක තියලා නිවැරදි වෛද්‍ය උපදෙස් ගන්න එකයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් දිවයින පුරා රජයේ සායන 40ක් පවත්වාගෙන යනවා. සතියේ දිනවල උදේ 8 සිට සවස 4 දක්වාත්, සෙනසුරාදා උදේ 8 සිට දවල් 12 දක්වාත් මේවා විවෘතයි. ඕනෑම කෙනෙකුට කෙළින්ම ගිහින් (Walk-in), තමන්ගේ අනන්‍යතාවය රකිමින්, සම්පූර්ණයෙන්ම නොමිලේ රුධිර සහ සිරුරේ ශ්‍රාවය පරීක්ෂණ කරගෙන ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.

රෝගවලින් බේරෙන්න තියෙන හොඳම සහ විශ්වාසවන්තම ක්‍රමය තමන්ගේ එකම සහකරු හෝ සහකාරියට පමණක් විශ්වාසවන්තව සිටීම බව වෛද්‍යවරු මතක් කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top