ලස්සනට හිටපු ඉසුරු හිතාමතාම කැත වෙලා. රඟපාන්න ගිහින් බුලත්විටටත් ඇබ්බැහි වුණු හැටි මෙන්න.
Monday, 15 June 2026 - 15:22 | Views - 58
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට එන, ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. මේ දවස්වල ඉසුරු ගැන හැමතැනම කතා වෙන්න පටන් අරන් තියෙන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සූරිය සුළඟ සිනමාපටය නිසයි.

හැබැයි මේ චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් ඉසුරු කරපු අතිවිශාල කැපවීම සහ ඒ නිසා ඔහුට මුහුණ දෙන්න වුණු විපත ගැන අහපුවහම නම් ඔබටත් පුදුම හිතේවි!

"මම හිතාමතාම කැත වුණා... බුලත්විටට ඇබ්බැහි වුණා!"රංගන ශිල්පියෙක් කොයි වෙලෙත් කැමති ලස්සනට කැපිලා පේන්න වුණත්, ඉසුරු මේ චිත්‍රපටය වෙනුවෙන් හිතාමතාම තමන්ගේ රූපය වෙනස් කරගෙන තියෙනවා. ඔහුම කියන විදියට ඔහුගේ රංගන ජීවිතය ඇතුළේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චිව හරීම ලස්සනට කැත කරපු චරිතය තමයි මේක.

මේ චරිතයට සාධාරණයක් කරන්න ගිහින් ඉසුරුට ලොකු අකරතැබ්බයකටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා.

"මේ චරිතය කරන්න ගිහින් මාසයක් පුරාවටම මම බුලත්විට කෑවා. කටේ ඒ පාට හරියටම ගන්න ඕන නිසා හුණු, දුම්කොළ එක්කමයි කෑවේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට මම බුලත්විට කන්න ඇබ්බැහි වුණා. ලොකුම අභියෝගය ආවේ ඩබින් කරද්දී. බුලත්විට කන ටෝන් එකෙන්ම ඩබින් කරන්න ඕන නිසා, ඩබින් ඉවර වෙනකම්ම මට බුලත්විට කන්න සිද්ධ වුණා..."

මේ සිනමාපටයේ ඉසුරු සහ අශාන් ඩයස් රඟපාන්නේ දේශපාලන බල පුළුවන්කාරයන්ට මැදිවුණු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ චරිත.

තමන්ගේ බලය රැකගන්න දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් තරුණයෙකුගේ ජීවිතය බිලිදෙන හැටිත්, තනතුරු දීලා, රට යවලා හොඳට පුහුණු කරලා ගේන නිලධාරීන්ව දේශපාලකයන්ගේ ඕනෑ එපාකම්වලට යොදාගන්න හැටිත් මේ චිත්‍රපටයෙන් අතිසාර්ථකව පෙන්නුම් කරනවා. මිනිස්සු සැබෑ ජීවිතයේදී දකින්න ආස, ඒත් දකින්න නොලැබෙන සත්‍ය මේ හරහා ප්‍රියන්ත කොළඹගේ විසින් තිරයට ගෙනැවිත් තියෙන බවයි ඉසුරු පවසන්නේ.

"මට පෙම්වතාගේ රූපය තිබුණේ නෑ..."ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ඉසුරුට ප්‍රධාන චරිත ලැබිලා නැහැ. ඒකට හේතුව ඔහුම විවෘතව ප්‍රකාශ කරන්නේ මෙහෙමයි,

"මට පෙම්වතාගේ රූපය කොහොමත් තිබුණේ නෑ. ඒ නිසා මට හැම චරිතයක්ම කරන්න වුණා."

හැබැයි අනිත් අය වගේ සාලෝන් ගිහින්, ජිම් ගිහින් ඇඟ හදාගෙන බොරු ශෝ එකක් දානවා වෙනුවට ඉසුරු කළේ රංගනය හැදෑරීමයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඩිප්ලෝමාවක් කරලා, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් අරගෙන ඔහු අද වෙද්දී ලංකාවේ ඉන්න ඕනෑම චරිතයකට හැඩගැහෙන්න පුළුවන් ප්‍රබල "චරිතාංග නළුවෙක්" බවට පත්වෙලා ඉවරයි.

සූරිය සුළඟ චිත්‍රපටයේ ඉසුරුගේ මේ වෙනස්ම රංගනය දැකගන්න ප්‍රේක්ෂකයින්ට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top