"අම්මා කෙනෙක් නෙමෙයි දිව්‍යාංගනාවක්..." අසනීප වුණු අම්මාව ඇස් දෙක වගේ බලාගන්න ශිරෝමිකා, මුහුණු පොතට එකතු කළ ඒ වීඩියෝව..
Sunday, 14 June 2026 - 19:54 | Views - 71
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි ශිරෝමිකා ප්‍රනාන්දු කියලා කියන්නේ. අද ඇය ගැන සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් ඇතිවෙන්න විශේෂම හේතුවක් තිබෙනවා.

ඒ, ඇය සිය ආදරණීය මෑණියන්ව දෑස මෙන් රැකබලා ගන්නා ආකාරය දැක්වෙන ඉතාමත් සංවේදී වීඩියෝ පටයක් මුහුණුපොතට එකතු කර තිබීමයි.සිය මව වෙනුවෙන් කරන අපරිමිත කැප කිරීම ගැන ඇය ඒ වීඩියෝ පටය සමඟ තබා තිබූ සටහන කාගේත් දෑසට කඳුළු උනන සුලු වුණා.

ඇය තැබූ ආදරණීය සටහන මෙන්න:

"රෝහලේ ඉඳල බට ගලවලා ගෙදර ගෙනාවට පස්සේ දැන් මම මේ අවුරුදු තුනට මේ වගේ විසි පාරකට වැඩිය රෝහල් ගතකරලා අම්මව ජීවත් කරා. අම්මා කෙනෙක් නෙමෙයි දිව්‍යාංගනාවක්..."

ඇය සිය මව අමතන්නේ "සුදු මැණිකේ" කියලා හරිම ආදරෙන්. හරියට චූටි ළමයෙක්ට වගේ සලකමින්, අම්මා ළඟම ඉඳගෙන ඇගේ හිත සනසන්න බණ කතා කියාදෙන, පින් දෙන අයුරු ඒ වීඩියෝවේ දකින්න ලැබෙනවා. එය දකින, අහන ඕනෑම කෙනෙකුගේ හදවත උණු වී යනවා නොඅනුමානයි.

දෙමාපියන් මහලු වූ කල ඔවුන්ව මඟහරින වත්මන් සමාජයේ ජීවත්වන දරුවන්ට ශිරෝමිකා කියන්නේ මිල කළ නොහැකි වටිනා ආදර්ශයක් දෙන ගුණයහපත් දියණියක්. ගුණගරුක, සංවේදී සහ කරුණාවන්ත දියණියක් ඇතිදැඩි කිරීමේ වටිනාකම අද ඒ අම්මා ආදරයෙන් අත්විඳිමින් සිටිනවා.

Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
අම්මා... මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටිනාම වස්තුව ඇයිදැයි ඇසුවහොත් ඊට දිය හැකි...
Hiru Tv Blog
අමෙරිකානු සුපිරි පොප් ගායිකාවක වන Ariana Grande, තමන්ගේ ගීත අමෙරිකානු ධවල මන්දිරයේ ප්‍රචාරක...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top