"දුකේදී, ඊටත් වඩා අය මගේ ළඟ ඉන්නවා කියලා දැනුනම තියෙන සතුට කියන්න වචන නෑ.." ආදරණීය ඇය මුහුණුපොතට සටහනක් එක්කරයි...
Sunday, 14 June 2026 - 19:06 | Views - 48
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්රතිකාර ලබනවා කියලා ඔබටත් ඇයගේ සමාජමාධ්ය ඇතුළේ දැකගන්න ලැබෙන්න ඇති.

ඔන්න දැන් මේ ඇසෙන්නේ දිනිති ගැන සුබ ආරංචියක්. ඇය ටික ටික සුවය ලබමින් ඉන්න ගමන් මෙන්න මේ වගේ සටහනක් ඇයගේ රසිකයින් වෙනුවෙන් තබන්න ඇය හිතලා. බලන්නකෝ කාගේත් ආදරය දිනාගත් දිනිති වල්ගමගේ මේ ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණ සටහන මොකක්ද කියලා.
 
"මම ගෙදර ආවා.
Hospital හිටපු දවස් දෙකට මට තේරුනේ අනේ මම කොච්චර මිනිස්සු හම්බ කරලද කියලා. ඒ ආදරේට මහ මෙරක් ආදරෙයි මං. එක මොහොතක් තනිකමක් දැනුනෙ නෑ.
සැපේදි මගේ ලඟ ඕන තරම් අය හිටියා. හැබැයි දුකේදි ඊටත් වඩා අය මගේ ලඟ ඉන්නවා කියලා දැනුනම තියෙන සතුට කියන්න වචන නෑ. ඒක මට මහ හයියක්.
මාව බලන්න ආපු, මට කෑම උයාගෙන ආපු, මට හයියක් උන හැමෝටම මම ජාති ජාතිත් ණයයි.
Calls messagesවලට ඉක්මනින් reply කරන්නම් හොඳේ. තාම සුට්ටක් recover වෙන ගමන් ඉන්නෙ.

මම මහ පිනක් කරලා තියෙනවා රත්තරං ඔයා වගෙ husband කෙනෙක් ලබන්න. උදේ 4ට නැගිටලා මට ඕන කෑම ටික හදලා බෙහෙත් ටික වෙන් කරලා වැඩට ගිහින් ආයෙ ඇවිත් මගේ හැම දේම හොයලා බලලා, කොහොම මාව දරා ගන්නවද කියලා මටවත් තේරෙන්නෙ නෑ. ආදරෙයි කියන්න බැරි තරම්. හැම ගැහැනියකටම ඒ වගේ husband කෙනෙක් ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.

ඉක්මන් සුවය ප්රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. පින්"
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top