"මේ පුංචි කුස තුළ, මගේ මුළු ලෝකයම නිදන්ව තිබුණා... අද ඒ ලෝකය, මගේ තුරුලේ සිනාසෙනවා" ඒ ආදරණිය මතකයන් එක්ක ඇය මුහුණු පොතට එක් කළ සටහන
Sunday, 14 June 2026 - 18:54 | Views - 54
අම්මා... මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටිනාම වස්තුව ඇයිදැයි ඇසුවහොත් ඊට දිය හැකි එකම පිළිතුර ඇය සතු අපරිමිත සෙනෙහසයි. "අම්මා" කියන උදාර නාමයට පණ දුන් සෑම ගැහැනියක්ම මේ ලෝකයට දායාද කරන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ආදරයක්.

ඇයත් මුළු රටක් හඳුනන, ප්රේක්ෂකයින් වැළඳගත් ආදරණීය රංගන ශිල්පිනියක් වගේම සෙනෙහෙවන්ත මවක්. ඇය වෙන කවුරුත් නොවෙයි, රංගන ශිල්පිනී තිසුරි යුවනිකා
මව් පදවිය ලබන්නට පෙර, සිය පුංචි සුරංගනාවිය කුස තුළ ඉන්න කාලයේ ගත් ඉතාමත් සුන්දර පින්තූර පෙළක් තිසුරි පසුගියදා සිය මුහුණුපොතට එක් කර තිබුණා.

ඇසට මෙන්ම හදවතටද දැනෙන ඒ ආදරණීය ඡායාරූප පෙළ සමඟින් ඇය තබා තිබූ සටහන කාගේත් අවධානය දිනාගත්තා.

ඇය තැබූ ආදරණීය සටහන මෙන්න.

"මේ පුංචි කුස තුළ, මගේ මුළු ලෝකයම නිදන්ව තිබුණා…අද ඒ ලෝකය, මගේ තුරුලේ සිනාසෙනවා. මගේ චූටි මොආනා...ආදරණීය මතකයන්"

තමන්ගේ පුංචි පැටියා මෙලොවට බිහිවන්නට පෙරුම් පිරූ ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් තිසුරි තැබූ මේ සටහනට සහ ඇගේ සුන්දර පින්තූරවලට රසිකයින් රැසක් සිය ආදරණීය ප්රතිචාර සහ සුබපැතුම් එක් කරමින් සිටිනවා.

May be an image of Angel Oak tree
May be an image of phone
No photo description available.
No photo description available.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top