"හැමදාම ගහලා හදන්න බැහැ.." ප්‍රින්සිපල්ව ඔච්චමට ගත්ත, රන්ජන්ට අමතක නොවෙන දඬුවමක්..
Saturday, 06 June 2026 - 15:37 | Views - 73
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි සිසුවෙක්..

පාසල් කාලයේ අපි හැමෝම කරපු දඟ වැඩපු අතීතයක් තියනවා නේ. ඒ මතක ඇත්තටම හරි සුන්දරයි. රන්ජන් රාමනායක , ලංකාවම දන්න මේ ජනප්‍රිය චරිතය පාසල් කාලේ ටිකක් දඟකාර කෙනෙක්.

ඒ නිසා රන්ජන්ට විවිධ අවස්ථාවල දඬුවම් පවා ලැබිලා. ඒත් ඒවා හරිම සුන්දර මතක. රන්ජන් මෙවර D -Talk වැඩසටහනට මුල පුරන්නේම අන්න ඒ වගේ කාරණයකින්.

රන්ජන් උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්නකොට හැමදාමත් වගේම විවිධ ගුරුවරු සිතුවම් කරනවාලු. කොලුකමට ඒ කාලේ කරපු මේ වැඩේ හින්දා විවිධ අවස්ථාවල ඔහු පාසලේ විදුහල්පතිගෙන් පවා දඬුවම් ලබපු අවස්ථා නැතුවාම නෙවෙයි. ඒත් දවසක් රන්ජන්ට හිමිවුනේ අපූරු දඬුවමක්.

ඒ මොකක්ද දන්නවාද..?

ඔහු දවසක් මේ වගේ ඔච්චමට විදුහල්පතිගේ මුහුණ චිත්‍රයට නගලා. අන්න ඒ වරදට දඬුවම් විදිහට රන්ජන්ට පාසලේ "one man art exhibition" එකක් කරන්නත් සිද්ධ වෙලා ලු.

කොහොම හරි මේකට ගොඩක් දෙනෙක් ඔහුට උදව් කරලා. අන්න ඒ සුන්දර මතකයත් එක්ක ඒ නිසා පාසලේ නම තවත් ඉහළට ගෙනගිය හැටි ගැන රන්ජන් අද කිව්වේ මේ වගේ කතාවක්.. 

Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top