රටම බිලිගන්නා ලොකුම වසංගතය යළිත් හිස ඔසවයි. දින 3ක් පුරා මුළු ලංකාවම ආවරණය කරමින් ඇරඹෙන දැවැන්තම මර්දන මෙහෙයුම..
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි කම්පනයකට පත් කරමින්, වසරේ ගත වූ කෙටි කාලය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය අතිශය අවදානම් සහගත මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිල වශයෙන් අනාවරණය කර තිබෙනවා.
වර්ෂාපතනයත් සමඟ යළිත් හිස ඔසවා ඇති මෙම දරුණු වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට රට තුළ සිදුවී ඇති මරණ හා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් මීට මඳ වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 35,300 කට ආසන්න සංඛ්‍යාවක් හා දරුණු මරණ 20 ක් ලංකාවෙන් නිල වශයෙන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර කොළඹ ඊයේ (05) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සනාථ කළා.
එලෙසම සමස්ත දිවයිනෙන්ම වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් සහ ඉහළම අවදානමක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ද ඔහු එහිදී පෙන්වා දුන්නා.
පවතින මෙම මාරාන්තික තත්ත්වය දැඩි ලෙස සැලකිල්ලට ගෙන, වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම වෙනුවෙන් රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව, දිස්ත්‍රික්ක 14 ක් පුරා විහිදී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කොට්ඨාස 72 ක් සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි, අනිද්දා (සඳුදා) සිට දින 3 ක් පුරා ක්‍රියාත්මක වන සුවිශේෂී ඩෙංගු මදුරු මර්දන විශේෂ වැඩසටහනක් දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.