සමාජ මාධ්‍ය අපව බිහිරි කරන හැටි.. කොළඹ ජාතික රෝහලෙන් සිදුකළ වෛද්‍ය විද්‍යාත්මක අනාවරණය මෙන්න.
Thursday, 28 May 2026 - 13:16 | Views - 55
ස්මාර්ට් දුරකතන අධික භාවිතය හා අවධානය ගිලිහී යාම නිසා ඇති වන "බිහිරිභාවය හා අන්ධභාවය" පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පසුබිම සොයා බැලීම සඳහා කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුල්මිණී වීරතුංග සමග විශේෂ සංවාදයක් පවත්වා තිබෙනවා.

සමාජ මාධ්‍ය දිගින් දිගටම භාවිත කිරීම නිසා මිනිස් මොළයට සිදුවන බලපෑම ඉතාමත් බරපතළ එකක් බව එහිදී ඇය පෙන්වා දෙනවා.

විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරන පරිදි, අපගේ මොළයේ ජීවිතය පවත්වා ගෙන යාමට උදව් වන 'රිවෝඩ් සිස්ටම්' (Reward System) නමැති පද්ධතියක් පවතිනවා.

සමාජ මාධ්‍යවල වීඩියෝවක් බලන විට හෝ පෝස්ටුවක් දමන විට මොළය උත්තේජනය වී 'ඩොපමින්' නමැති ස්නායු සම්ප්‍රේෂකය විශාල වශයෙන් මුදා හැරීම සිදුවනවා.

මේ හේතුවෙන් මොළයේ 'නියුක්ලියස් අකම්බන්ස්' හා 'පූර්ව මස්තිෂ්ක බාහිකය' උත්තේජනය වී, අදාළ ක්‍රියාව නැවත නැවතත් කිරීමට අපව පෙළඹවීම සලස්වනවා.

මෙසේ දිගින් දිගට ම උත්තේජනය වීම හේතුවෙන් මොළය දැඩි ලෙස "විඩාවට" පත්වන බවයි වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ.

එලෙස විඩාවට පත් වූ විට, සාමාන්‍ය ජීවිතයේදී ලැබෙන අඩු මට්ටමේ උත්තේජනවලට (උදාහරණයක් ලෙස කෙනෙකු පැමිණ කතා කරන විට) මොළය සක්‍රීය වන්නේ නැහැ.

මොළය සැමවිටම බලාපොරොත්තු වන්නේ ලොකු ප්‍රමාණයෙන් ඩොපමින් මුදා හැරෙන උත්තේජන පමණක් බැවින්, අවට සිටින අය පිළිබඳව ඇති අවධානය සහ සබඳතා සම්පූර්ණයෙන්ම අඩු වී යනවා. සමාජ මාධ්‍ය නිසා මිනිසුන් බාහිර ලෝකයට 'බිහිරි' වන්නේ මේ ආකාරයටයි.

සමාජ මාධ්‍යවල දකින දෑ නිසා මොළයේ 'ඇමිග්ඩලා' කොටස සක්‍රීය වී කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් වැනි ආතති හෝමෝන අඛණ්ඩව මුදා හැරීමට කටයුතු කරනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් නිදන්ගත ආතති තත්ත්වයකට (Chronic Stress) ගමන් කරන බව වෛද්‍යවරිය අවධාරණය කළා.

එමෙන්ම, මොළයට අවශ්‍ය නිශ්ශබ්ද විවේකය (Periods of Silence) අහිමි වීම නිසා කාලයත් සමඟ මතකය, නිර්මාණශීලීත්වය සහ මොළයේ ඇති හැකියාවන් ක්ෂය වී ගොස් ස්ථිර වෙනස්කම් පවා ඇති විය හැකි බව ඇය පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ හා යොවුන් වියේ දරුවන්ගේ මොළයේ වර්ධනය අඩාළ වීමටද මෙය ප්‍රධාන වශයෙන් බලපාන බැවින් සමාජ මාධ්‍ය භාවිතයේදී වඩාත් බුද්ධිමත් විය යුතු බව වෛද්‍ය අංශ අනතුරු අඟවා සිටිනවා.

මූලාශ්‍රය : බීබීසී

Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top