"මේක අනාගතය වෙනුවෙන්ම හැදූ වාහනයක්" සුපිරි XPENG G6 විද්‍යුත් මෝටර් රථය දැන් ශ්‍රී ලංකාවටත්..
Thursday, 28 May 2026 - 11:50 | Views - 73

වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා බැලීම් කෙරෙහි දැඩි ලෙස යොමුවී තිබීම දැකගන්න පුළුවන්.
එම සමාගම් තවදුරටත් එක් කර්මාන්තයකට පමණක් සීමා වන්නේ නැහැ. මෙම නව පරපුරේ තාක්ෂණික පෙරළිකාරයන් අතරින් කෘතීම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය හා බුද්ධිමත් සංචලතාව තුළින් අනාගතය නැවත අර්ථ දක්වන වඩාත්ම සිත්ගන්නාසුලු නාමයක් ලෙස XPENG සමාගම වේගයෙන් ඉස්මතු වෙමින් සිටිනවා.
සෙසු සමාගම් අතරින් XPENG සුවිශේෂී වන්නේ ඔවුන් හුදෙක් වාහන නිෂ්පාදනය කිරීමේ මානසිකත්වයකින් පමණක් ගොඩනැඟුණු සමාගමක් නොවීමයි.
ආරම්භයේ සිටම පුළුල් දැක්මකින් කටයුතු කළ ඔවුන් මුලින්ම ලෝකය මවිත කළේ මෙතෙක් විද්‍යා ප්‍රබන්ධවලට සීමාවූ “ARIDGE” නම් පියාඹන මෝටර් රථ ව්‍යාපෘතිය හරහායි.
ගොඩබිම ධාවනය සහ ගුවන් ගමන් තාක්ෂණය එක්කර, සිරස් අතට ඉහළට එසවිය හැකි වාහන සංකල්පය ඔවුන් යථාර්ථයක් බවට පත් කළා.
මීළඟ පරපුරේ කෘතීම බුද්ධි පද්ධති (Next Gen AI) මගින් ක්‍රියාත්මක වන “IRON” නම් මානවරූපී රොබෝවරයා හඳුන්වා දීමත් සමඟ XPENG තාක්ෂණික ලෝකයේ පෙරළිකාර සමාගමක් බවට පත්වෙලා තිබෙනවා.
එම විශාල තාක්ෂණික පදනම මත නිර්මාණය වූ XPENG G6 මෝටර් රථය දැන් ශ්‍රී ලංකාවට ද හඳුන්වා දී තිබෙනවා. ධාවනයේදී වායු ප්‍රතිරෝධය අඩු කරන (Aerodynamic) හැඩය නිසා මෙය සෙසු විද්‍යුත් වාහන අතරින් කැපී පෙනෙනවා.
ඉහළ තාක්ෂණයෙන් පිරී තිබුණද, රියදුරාට හා මගීන්ට උපරිම සරල බව හා භාවිතයේ පහසුව ලබාදෙන ලෙසයි මෙය නිමවා තිබෙනවා.
WLTP පරීක්ෂණ ක්‍රමවේදයට අනුව, එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝමීටර් 480 ක දුරක් ධාවනය කිරීමට මීට හැකියාව ලැබෙනවා. Tesla Model Y කාර් රථයට සෑම අතින්ම ප්‍රබල අභියෝගයක් වන XPENG G6, වර්තමාන වෙළඳපොළේ තරඟයට පමණක් නොව අනාගතය සඳහාම නිර්මාණය කළ වාහනයක් ලෙස සැලකෙනවා.

Share This Article