ඉන්දියාවම තැතිගත් ඉබෝලා සැකය.. බෝවන රෝග රෝහලට ඇතුළත් කළ කාන්තාවගේ වත්මන් තත්ත්වය මෙන්න.
Wednesday, 27 May 2026 - 14:22 | Views - 190
ඉබෝලා වෛරසය ආසාදනය වී ඇතැයි යන සැකය මත ඉන්දියාවේ බැංගලෝර් නුවරදී නිරෝධායනයට යොමු කළ උගන්ඩා ජාතික කාන්තාවට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

විශේෂ පරීක්ෂණවලින් ඒ බව නිල වශයෙන් තහවුරු කර ඇති බව ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ශරීර වේදනාව ඇතුළු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ 28 හැවිරිදි මෙම කාන්තාව, ඊයේ (26) හෝටලයක සිට රජයේ බෝවන රෝග රෝහල (Epidemic Diseases Hospital) වෙත මාරු කර යැවීමට බලධාරීන් කටයුතු කළා.

ඇයගෙන් ලබාගත් සාම්පලයක් පරීක්ෂණ කටයුතු සඳහා පූනේහි පිහිටි ජාතික විෂවේද ආයතනය (National Institute of Virology) වෙත යවා ඇති අතර, එහි ප්‍රතිඵල මගින් ඇයට ඉබෝලා වෛරස් රෝගය වැළඳී නොමැති බව තහවුරු වී ඇතැයි නිලධාරීන් ප්‍රකාශ කළා.

ඉන්දියාව තුළ මෙතෙක් කිසිදු ඉබෝලා වෛරස් ආසාදිතයෙකු ස්ථිරවම වාර්තා වී නොමැති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලින් මෑතකදී වාර්තා වූ ඉබෝලා ව්‍යාප්තියත් සමග, ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙනවා.

ඔවුන් අදාළ ප්‍රාන්ත බලධාරීන් සමග ඒකාබද්ධව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මාර්ගෝපදේශයන්ට අනුකූලව සමීප නිරීක්ෂණ කටයුතු හා අවශ්‍ය සියලුම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා.

මේ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් ඉන්දීය රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top