මාරාන්තික ඉබෝලා වෛරසය ලෝකය පුරා වේගයෙන් පැතිරෙයිද? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
Tuesday, 19 May 2026 - 13:10 | Views - 38
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන් අවම වශයෙන් මරණ 118ක් වාර්තා වෙලා තිබෙනවා.

එසේම සැක සහිත රෝගීන් සංඛ්‍යාව 390කට වඩා වැඩි බව ප්‍රාදේශීය නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසන පරිදි, උගන්ඩාවෙන් ද තහවුරු වූ රෝගීන් දෙදෙනෙකු සහ එක් මරණයක් වාර්තා වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 'බුන්ඩිබුග්යෝ' (Bundibugyo) වෛරසය මගින් ඇතිවන මෙම වත්මන් ඉබෝලා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම මාරාන්තික ඉබෝලා ව්‍යාප්තිය දිගින් දිගටම පැතිරෙමින් පවතින බැවින්, සැක සහිත ආසාදිතයන් සොයා ගැනීමට සහ විමර්ශනය කිරීමට තම කණ්ඩායම් දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කරන බවත්, ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත්, කොංගෝ රජය ජනතාවට පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉටුරි (Ituri) ප්‍රාන්තයේ න්‍යාකුන්ඩේ (Nyakunde), උතුරු කිවු (North Kivu) හි බුටෙම්බෝ (Butembo) සහ ගෝමා (Goma) නගරය ඇතුළු නව ප්‍රදේශවලින් ද රෝගීන් හඳුනා ගැනීමත් සමග ජනතාව තුළ ඇතිවන කනස්සල්ල වැඩි වෙමින් පවතින බව අනාවරණය වුණා.

කොංගෝ රාජ්‍යයේ සිටින අමෙරිකානු ජාතික වෛද්‍යවරයෙකුට ද රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇති බව ඔහු සේවය කළ වෛද්‍ය කණ්ඩායම සහ CDC ආයතනය සඳහන් කර තිබෙනවා.

අදාළ පුද්ගලයා මේ වනවිට ප්‍රතිකාර සඳහා ජර්මනිය වෙත රැගෙන යන බවට වාර්තා වුණා.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛරසයට නිරාවරණය වූ එම කණ්ඩායමේම සිටින අනෙක් වෛද්‍යවරුන් දෙදෙනාට රෝග ලක්ෂණ නොපෙන්වා ඇති අතර, ඔවුන් නිරෝධායන ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් සිටින බව එම කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් සඳහන් කර තිබෙනවා.

කොංගෝවේ සිදුවූ මෙම ව්‍යාප්තියේදී අවම වශයෙන් අමෙරිකානුවන් හයදෙනෙකු ඉබෝලා වෛරසයට නිරාවරණය වී ඇති බව CBS News පුවත් සේවය ද මූලාශ්‍ර උපුටා දක්වමින් කියා සිටියා.

කොංගෝවේ සිටින මෙම සුළු අමෙරිකානුවන් පිරිස ආරක්ෂිත නිරෝධායන ස්ථානයකට ප්‍රවාහනය කිරීමට අමෙරිකානු රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය පුවත් වෙබ් අඩවියක් වන STAT වෙත පවසා තිබෙනවා.

තහවුරු කර නොමැති වුවද, මෙම පිරිස ජර්මනියේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් වෙත රැගෙන යා හැකි බව එම වෙබ් අඩවිය තවදුරටත් පවසනවා.

සඳුදා නිකුත් කළ යාවත්කාලීන කිරීමකදී, මහජන සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ අමෙරිකාවට මෙයින් ඇති අවදානම සාපේක්ෂව අඩු මට්ටමක පවතින නමුත්, රෝගය රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා පියවර රැසක් හඳුන්වා දෙන බවයි.

බලපෑමට ලක්වූ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් නිරීක්ෂණය කිරීම සහ පසුගිය දින 21 තුළ උගන්ඩාව, කොංගෝව හෝ දකුණු සුඩානය යන රටවල රැඳී සිටි අමෙරිකානු නොවන ගමන් බලපත්‍ර හිමියන් සඳහා රට තුළට ඇතුළු වීමේ සීමාවන් පැනවීම මෙයට ඇතුළත්.

ඇමරිකාව විසින් කොංගෝ රාජ්‍යය වෙත සංචාරය නොකරන ලෙස දන්වමින් එහි දැඩිම සංචාරක උපදේශනය වන හතරවන මට්ටමේ සංචාරක උපදේශනයක් ද නිකුත් කර තිබෙනවා.

කොංගෝවේ නැගෙනහිර ඉටුරි ප්‍රාන්තයේ සිදුවූ මෙම ව්‍යාප්තිය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් වුවද, එය ගෝලීය වසංගතයක (pandemic) නිර්ණායක සපුරා නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා.

කෙසේ වෙතත්, දැනට හඳුනාගෙන වාර්තා වන මට්ටමට වඩා බොහෝ විශාල ව්‍යාප්තියක් වීමේ හැකියාවක් පවතින බවත්, ප්‍රාදේශීය සහ කලාපීය වශයෙන් පැතිරීමේ සැලකිය යුතු අවදානමක් ඇති බවත්, එම ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා.

1976 දී වෛරසය සොයා ගැනීමෙන් පසු සිදුවූ විශාලතම වෛරස් ව්‍යාප්තිය ලෙස සැලකෙන 2014-2016 බටහිර අප්‍රිකානු ඉබෝලා ව්‍යාප්තියේදී 28,600කට වැඩි පිරිසකට රෝගය වැළඳී තිබුණා.

මෙම රෝගය බටහිර අප්‍රිකාව ඇතුළත සහ ඉන් පිටත ගිනියාව, සියෙරා ලියොන්, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඉතාලිය ඇතුළු රටවල් ගණනාවකට පැතිර ගිය අතර, එයින් පුද්ගලයන් 11,325 දෙනෙකු මිය ගියා.

මූලාශ්‍රය l BBC 
Share This Article
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top