‘Obsession’ සමඟින් හොලිවුඩය හොල්ලන්න එන YouTube තරුව.. අලුත්ම අත්දැකීමක් විඳගන්න ඔබත් සූදානම්ද?
සිනමා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි 'Obsession' චිත්‍රපටය තිරගත වීමට දැන් සියල්ල සූදානම් කරලා තිබෙනවා.
තවත් දින දෙකක් වැනි කෙටි කාලයකින්, එනම් 2026 මැයි 15 වන දින ලොව පුරා සිනමාහල් වෙත මේ Supernatural Horror සිනමාපටය තිරගතවීමට නියමිතයි.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා තිර රචනය සිදු කරන්නේ Curry Barker වන අතර ඔහුව ලෝකයම හඳුනාගත්තේ ඩොලර් 800ක් වැනි ඉතා සුළු මුදලකින් නිපදවූ Milk & Serial නම් YouTube චිත්‍රපටය හරහායි.
එය මිලියන 1.9ක නැරඹුම් වාර ලබාගැනීමත් සමඟ හොලිවුඩයේ දැවැන්ත නිෂ්පාදකයින් ඔහු සොයා පැමිණ තිබෙනවා.
දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් සහිත මේ නිර්මාණය බිහිවන්නේ එම ගමනේ ප්‍රතිඵලයක් ලෙසයි.
කුඩා කල තමන් ආදරය කළ තරුණියගේ සිත දිනාගැනීමට මැජික් සෙල්ලම් බඩුවක් භාවිතා කරන පුද්ගලයෙකු වටා කතාව ගෙතෙනවා.
ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු වුවත්, ඒ හරහා ඇති වන ආදරය කෙමෙන් මාරාන්තික උන්මාදයක් බවට පත්වන අයුරුත්, ඔහුගේ සරල ප්‍රාර්ථනාව ලේ වැකි සිහිනයක් වන අයුරුත් මෙහි අන්තර්ගත වෙනවා.
Capstone Pictures, Tea Shop Productions හා Under the Shell යන සමාගම් මේ නිර්මාණයේ නිශ්පාදන කටයුතු සිදුකරනවා.
මෙහි අඩංගු දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැකි දර්ශන හා සංවේදී දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් (Rated R) සීමා කරලා තිබෙනවා.
අතිශය බියකරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන් සිටින සිනමා ලෝලීන්ට 'Obsession' සැබවින්ම නවතම අත්දැකීමක් වනු නිසැකයි.