වසරකට අලුතින් තැලසීමියා දරුවන් 60ක්.. මුළු රටම දැනුවත් විය යුතු සෞඛ්‍ය අනාවරණය මෙන්න..
Friday, 08 May 2026 - 15:50 | Views - 187
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා රෝගී දරුවන් හැට දෙනකු (60) වාර්තා වන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවලා තිබෙනවා.

තැලසීමියා සහිත දරුවන් බිහිවීම වැළැක්වීමට නම් විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කළා.

මේ වනවිට මෙරට තුළ තැලසීමියා රෝගීන් 2,500ක් පමණ සිටින බව ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම සඳහන් කළා.

එසේම පුද්ගලයන් ලක්ෂ පහක (500,000) පමණ පිරිසක් තැලසීමියා රෝග වාහකයන් ලෙස හඳුනාගෙන ඇති බව ඇය අනාවරණය කළා.

තැලසීමියා යනු ජානමය වෙනසක් මගින් හිමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්ත්වයක් බව වාර්තා කළා.

ශරීරය තුළ නිරක්තිය ඇති කරන මේ රෝගය සඳහා ඇටමිදුළු බද්ධ කිරීම තුළින් ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා.

තැලසීමියා රෝගය කල්තියා හඳුනා ගැනීම සඳහා දිවයින පුරා රෝහල් 15ක විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා.

සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (Full Blood Count) මගින් තමන් තැලසීමියා වාහකයෙකුදැයි පහසුවෙන් සොයාබැලිය හැකි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top