ඔබත් නොදැනුවත්වම මරණයට අතවනවාද? දුම්කොළ හා මධ්‍යසාර නිසා මෙරට සිදුවන මහා විනාශය මෙන්න.
Thursday, 30 April 2026 - 18:05 | Views - 68
ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් අතිශය බියකරු පුවතක් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් අනාවරණය කරලා තිබෙනවා.

මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කටම වගකිව යුත්තේ බෝ නොවන රෝග බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පැවසුවා.

මේ දරුණු තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන බව හෙළිවී තිබෙනවා. වාර්ෂිකව මෙරට පුද්ගලයන් 22,000ක් පමණ මේ නිෂ්පාදන හේතුවෙන් අකාලයේ මියයන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.

ලෝක මට්ටමින් ගත්විට වසරකට මිලියන 70කට ආසන්න පිරිසක් දුම්කොළ නිෂ්පාදන නිසා ජීවිතක්ෂයට පත්වන අතර ඉන් 10%ක්ම තමන් දුම්පානය නොකර අනෙකා පිටකරන දුම ආශ්වාස කිරීම නිසා (Passive Smoking) මියයන අහිංසකයින් බව වාර්තාවුණා.

මේ තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බලපෑමක් එල්ලවනු ඇතිබව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top